දිස්ත්‍රික්ක 04කට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා 03වන මට්ටම යටතේ නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින්.

එලෙස නායයෑම් රතු නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

මහනුවර දිස්ත්‍රික්කය – යටිනුවර, දොළුව, උඩුදුම්බර සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ.

කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ.

මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට, අඹන්ගඟ කෝරළේ, ලග්ගල පල්ලේගම, විල්ගමුව සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ.

රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්‍රදේශ.

කාලීන පුවත්