ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරග ගැන අවසන් තීරණය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ T20 තරගාවලි කල් දැමීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.එම ආයතනය නිවේදනය කළේ එම තරගාවලි මෙම වසරේ අවසන් කාර්තුව දක්වා කල් දමා ඇති බවයි.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් සහ තරග 3කින් සමන්විත T20 තරගාවලියක් මාර්තු 13වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් මැදපෙරදිග උද්ගතව ඇති යුධමය තත්වය හේතුවෙන් මෙලෙස තරග කල් දැමීමට පියවර ගෙන ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහි සියලු තරග පැවැත්වීමට සැලසුම් කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

කාලීන පුවත්