බස් ගාස්තු වැඩිපුර අය කළොත් 1955 හෝ 071 25 95 555 අංක වලට දන්වන්න

අද(24) දිනයේ සිට ක්‍රියාත්මක කරන නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන බස්රථ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළ හොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 19 55 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 25 95 555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ය.මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනුයේ මෙවර බස් ගාස්තු ඉහළ නංවා ඇත්තේ ඩීසල් වියදමට සාපේක්ෂව පමණක් බවයි.බස් ධාවනයට අදාළ අමතර කොටස් මිල ද මේ වන විට ඉහළ ගොස් ඇති බව ද ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි.

කාලීන පුවත්