
අප වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස උණවටුන මානසික රෝහල් සායනවලට පැමිණි මුල් අවධියේ, එවකට එහි සේවය කළ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර ගුරුතුමා හමුවේ රෝගීන් පිළිබඳ විස්තර වාර්තා කිරීමට අපට සිදු වූයේ යම් චකිතයකින් යුතුව ය.ඒ අපගේ නිගමනයන් වැරදී ඇතැයි යන බිය නිසා ය. දිනක් වාට්ටුවේ රැඳී සිටි අප තිගැස්මට පත් වූයේ, “අද ලොකු හරිස්චන්ද්‍ර මහත්තයා වෙනුවට එන්නේ පොඩි හරිස්චන්ද්‍ර මහත්තයා” යැයි කිසිවකු පවසනු ඇසීමෙනි.ඉන් මඳ වේලාවකට පසු රෝගීන්ගේ ලිපිගොනු තොගයක් ද රැගෙන තරුණ වෛද්‍යවරයකු වාට්ටුවට ඇතුළු වූ විට ඔහු ගේ වාසගම අනුව අප මුලින්ම සිතුවේ ඔහු අපේ ගුරුතුමාගේ පරපුරේ සාමාජිකයකු විය හැකි බවයි. එහෙත් පසුව දැනගත් පරිදි, ඒ රෝගීන් හා රෝහල් සේවකයන් “පොඩි හරිස්චන්ද්‍ර” ලෙස ආදරයෙන් හඳුන්වා ඇත්තේ එවකට රෙජිස්ට්‍රාර් වෛද්‍යවරයකු ලෙස සේවය කළ ගාම්බීර හරිස්චන්ද්‍ර මහතාය.
මනෝ වෛද්‍ය විද්‍යාව පමණක් නොව, විවිධ විෂය පථයන් පිළිබඳ හසළ දැනුමක් තිබූ ඔහු, සිය අත්දැකීම් ගෝලයන් වෙත ලබා දීමට නොපැකිලව කැප විය. විශේෂඥ මනෝ වෛද්‍යවරයකු යනු විද්‍යාත්මක චින්තනයෙන් හා විචාරශීලී බුද්ධියෙන් සන්නද්ධ අයකු විය යුතු බව විශ්වාස කළ ඔහු, ඒ වෙනුවෙන් නිරන්තරයෙන් සිය දැනුම යාවත්කාලීන කර ගත්තේය. වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ මනෝ වෛද්‍ය විභාග මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද ඔහු දීර්ඝ කාලයක් විශිෂ්ට සේවාවක් ඉටු කළේය.

එදා උණවටුනේදී මුල්වරට හමු වූ ඒ ගාම්භීර පෞරුෂය, නැවත මට මුණගැසුණේ 2003 වසරේදී අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මගේ උපදේශක විශේෂඥ වෛද්‍යවරයා ලෙසයි. එතුමාගේ ප්‍රථම මනෝ වෛද්‍ය ගෝලයා වීමේ භාග්‍යය මට හිමි වූ අතර, එතැන් සිට 2016 දක්වා විශාල සිසු පිරිසක් ඔහු යටතේ පුහුණුව ලබා ක්ෂේත්රයට එක් වූහ. මනෝ වෛද්‍ය විද්‍යාව පමණක් නොව, විවිධ විෂය පථයන් පිළිබඳ හසළ දැනුමක් තිබූ ඔහු, සිය අත්දැකීම් ගෝලයන් වෙත ලබා දීමට නොපැකිලව කැප විය. විශේෂඥ මනෝ වෛද්‍යවරයකු යනු විද්‍යාත්මක චින්තනයෙන් හා විචාරශීලී බුද්ධියෙන් සන්නද්ධ අයකු විය යුතු බව විශ්වාස කළ ඔහු, ඒ වෙනුවෙන් නිරන්තරයෙන් සිය දැනුම යාවත්කාලීන කර ගත්තේය. වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ මනෝ වෛද්‍ය විභාග මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද ඔහු දීර්ඝ කාලයක් විශිෂ්ට සේවාවක් ඉටු කළේය.
කළුතර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය චමරි මුදලිගේ සිය ගුරුතුමා පිළිබඳ මතකය අවදි කරමින් පවසන්නේ, ඕනෑම අසීරු අභියෝගයක් ජයගත හැකි එඩිතර බවක් හා දැඩි අධිෂ්ඨානයක් ඔහු සතු වූ බවයි. 2003 සිට 2016 දක්වා කාලය තුළ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වර්තමාන තත්ත්වයට දියුණු කිරීම සඳහා ඔහු ගත් ප්රයත්නය ඊට කදිම නිදසුනකි. එසේම, ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස (2007-2009) මෙරට මනෝ වෛද්‍ය සේවාවේ ප්රගමනය උදෙසා ඔහු කළ මෙහෙවර අවිවාදිතය. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය ආඥා පනත සහ ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ඔහු පෙරමුණ ගත්තේය. ඕස්ට්‍රේලියාවේ සේවය කරන විශේෂඥ වෛද්‍ය අජිත් නවරත්න පවසන පරිදි, ගාම්බීර හරිස්චන්ද්‍රයන් යනු විද්‍යාත්මක හා දාර්ශනික චින්තනයෙන් පිරිපුන් එහෙත් නිරන්තරයෙන් සිනහවෙන් හා සැහැල්ලුවෙන් කාලය ගත කළ, තමා අවට සිටින්නන් ද ප්‍රබෝධමත් කළ ඉතා ප්‍රියමනාප මිනිසෙකි.
සිය අදහස් නොපැකිලව ප්‍රකාශ කළ එඩිතර පුද්ගලයකු වූ ඔහු, තමාට කෙතරම් අවාසිදායක වුව ද සත්‍යය කතා කිරීමට පසුබට නොවීය. මිථ්‍යාවන්ට එරෙහිව විද්‍යාත්මක ක්‍රමවේදය වෙනුවෙන් පෙනී සිටි ඔහු, හේතුවාදී සංගමය සමඟ එක්ව දේශන රාශියක් පවත්වමින් සමාජය දැනුවත් කළේය. ඔහුගේ දේශපාලන භාවිතය ද විශ්ව විද්‍යාල අවධිය දක්වාම දිව යන්නකි. 88/89 භීෂණ සමයේ එක්සත් සමාජවාදී පක්ෂය සමඟ එක්ව වාමාංශික දේශපාලනයේ නිරත වූ ඔහු, සන්නද්ධ කල්ලි වෙතින් එල්ල වූ තර්ජන මධ්‍යයේ වුව ද ජාතික ප්රශ්නය වෙනුවෙන් නිවැරදි ස්ථාවරයක පෙනී සිටියේය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහයන් සඳහන් කරන පරිදි, 1990න් පසුව ද ඔහු සිය දේශපාලන මැදිහත්වීම අත්නොහළේය. වෘත්තීය සමිති ක්ෂේත්රයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු, පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) පිහිටුවීමට ද පුරෝගාමී විය.
“අප බිය විය යුත්තේ අවිද්‍යාත්මක පිළිතුරු දීමට මිස විද්‍යාත්මක පිළිතුරු දීමට නොවන “බව ය.අද ඔහු අපෙන් සමුගෙන ඇත්තේ මෙරට මනෝ වෛද්‍ය ක්ෂේත්රයේ සහ බුද්ධිමය සමාජයේ පිරවිය නොහැකි හිඩැසක් ඉතිරි කරමිනි. ඒ ඔහු සතු ගාම්භීර බවින් යුතු ව්ද්වතුන් අප සමාජය තුළ පහළ වීම අතිශයින් දුලබ බැවිනි.
සිය සමාජ මෙහෙවරේ තවත් පියවරක් ලෙස රිචඩ් ඩෝකින්ස් වැනි විද්වතුන්ගේ මතවාද ඇසුරින් ‘කිං සච්ච ගවේසී’ නමින් කෘතියක් ද එළිදැක්වූ ඔහු, මෑතකදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යූටියුබ් නාලිකාවක් පවා ආරම්භ කළේය. “අලුත් ජානවලට ඉඩ දී ඉවත්ව යාම මිනිසාගේ පරම කාර්යය” බව නිතර පැවසූ ඔහු, මරණයෙන් පසු පැවැත්මක් නොමැති බව විශ්වාස කළ සේම එය ප්‍රසිද්ධියේම කිරීමට තරම් නිර්භීත විය. ඔහු ගේ ශිෂ්‍යයකුව සිටිය දී මා වරක් ඔහු ගෙන් එම පැනය විමසූ විට ඔහු දුන් පිළිතුර මට අද මෙන් මතකය.එනම් “අප බිය විය යුත්තේ අවිද්‍යාත්මක පිළිතුරු දීමට මිස විද්‍යාත්මක පිළිතුරු දීමට නොවන “බව ය.අද ඔහු අපෙන් සමුගෙන ඇත්තේ මෙරට මනෝ වෛද්‍ය ක්ෂේත්රයේ සහ බුද්ධිමය සමාජයේ පිරවිය නොහැකි හිඩැසක් ඉතිරි කරමිනි. ඒ ඔහු සතු ගාම්භීර බවින් යුතු ව්ද්වතුන් අප සමාජය තුළ පහළ වීම අතිශයින් දුලබ බැවිනි.ඔහුගේ දේහය මේ වන විට බත්තරමුල්ල තලංගම උතුර කොස්වත්ත පාරේ අංක 113/3 දරන නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු අද (04) ප.ව 3.00ට තලාහේන පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්