පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් පවතින අර්බුදය මුල් කොට පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට එම පුරප්පාඩු ලේඛනය සඳහා අයදුම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස මාධ්‍ය හරහා බලපෑම් සහ තර්ජන එල්ල කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි .ඔහු වැඩි දුරටත් අවධාරණය කරන්නේ, හෙට (04) දහවල් 12ට පෙර එම ලේඛනයට අයදුම් නොකරන වෛද්‍යවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පියවර ගන්නා බවට සිදුකර ඇති තර්ජනය වෘත්තීයවේදීන්ට කරන බලවත් අපහාසයක් බවකි.ප්රජාතන්ත්රවාදී රටක් තුළ සාකච්ඡා මේසයට පැමිණ ගැටලු විසඳා ගැනීමට අමාත්‍යවරයා දක්වන මැලිබව විවේචනය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වරයා ඒ වෙනුවට මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කොට මෙම ප්රශ්නය දුර දිග නොයවා තම සංගමය හා සෘජු විවෘත සංවාදයකට එක්වන ලෙස අමාත්‍යවරයාට ආරාධනා කර සිටියි.