“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි

“ඒහිපස්සිකෝ“ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි.අද (28) දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන නිදහස් චත්‍රරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.

අනතුරුව පස්වරු 4ට නිදහස් චත්‍රරස්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිතයි.මෙහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පඤ්ඤා­කර හිමි ඇතුළු නියෝ­ජිත පිරි­සට ශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ අංකුර පැළය නිල වශ­යෙන් භාර දීමට නිය­මි­තයි.

නැවත ප.ව.5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00 ගංගා­රාම විහා­ර­ස්ථා­න­යෙන් අව­සන් කිරී­මට නිය­මි­තව තිබේ.

 

කාලීන පුවත්