2026 වසරට අදාළ 5 ශ්‍රේණියේ සිසුන් සඳහා වන ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට විභාගය ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වේ.ඒදෙවන ප්‍රශ්න පත්‍රය 2026.08.09 වන දින පෙරවරු 09.30 සිට 10.45 සහ පළමු ප්‍රශ්න පත්‍රය එදිනම පෙරවරු 11.15 සිට 12.15 දක්වා වශයෙනි.මෙම විභාගය සඳහා පෙනී සිටිය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පෞද්ගලික පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි.