විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඩිජි­ටල් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සැල­සුම් කරයි

ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ සියලු කාර්ය­යන් මනා කළ­ම­නා­කා­රි­ත්ව­ය­කින් පව­ත්වා­ගෙන යෑමත්, සේවා ලබා ගන්නා මහ­ජ­න­තා­වගේ පහ­සු­වත් වෙනු­වෙන් ඩිජි­ටල් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සැල­සුම් කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් ජාතික මට්ටමේ විභාග ද ඇතු­ළත්ව විභාග 300කට අධික ප්‍රමා­ණ­යක් වාර්ෂි­කව පව­ත්වනු ලබයි. විභා­ග­යන්හි සිය­ලුම දත්ත සහ මෙහෙ­යුම් හා බැඳී ඇති තීර­ණා­ත්මක කාර්ය­යන් කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා මේ වන විට පරි­ග­ණක කළ­ම­නා­ක­රණ තොර­තුරු පද්ධ­ති­යක් භාවිත කරනු ලබයි.

එම දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන මෙහෙ­යුම් කාර්ය­යන්, එක් එක් අංශ සඳහා අනන්‍ය වූ පරි­ග­ණක ජාල ලෙස පැව­තීම හේතු­වෙන් විභාග ක්‍රියා­ව­ලියේ බොහෝ අත්‍ය­වශ්‍ය අදි­ය­ර­යන්, මානව සම්පත පම­ණක් භාවි­ත­යෙන් සිදු කිරීම කළ යුතු අතර, දත්ත සහ ලේඛන භෞතික මාර්ග ඔස්සේ ශාඛා අතර මාරු කරනු ලැබේ.

ඒ හේතු­වෙන්, කාර්ය­ක්ෂ­ම­තාව අඩු වීම, ප්‍රමා­ද­යන් සිදු වීම, භෞතික හා මානව සම්පත් නාස්තිය ආදිය සිදු වන බව නිරී­ක්ෂ­ණය වී ඇත.ඒ අනුව වර්ත­මා­නයේ ක්‍රියා­ත්මක රාජ්‍ය අංශ සේවා­වන් ඩිජි­ට­ල්ක­රණ ක්‍රියා­ව­ලි­යට අනු­ග­තව විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක ජාල යටි­තල පහ­සු­කම් ඩිජි­ට­ල්ක­ර­ණය අත්‍ය­වශ්‍ය කරු­ණක්ව තිබේ.ඒ අනුව, ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ සියලු ශාඛා ආව­ර­ණය වන පරිදි පුළුල් පරි­ග­ණක ජාල­යක් සැල­සුම් කිරීම, ස්ථාප­නය කිරීම හා ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් මේ වන විට ක්‍රියා­ත්මක වේ.

කාලීන පුවත්