හෙඩ්ෆෝන් පැලඳ පාරේ යන අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග

හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා ප්‍රකාශ කර තිබේ.

ජූලි 6 සිට 10 දක්වා පැවැත්වෙන 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කරයි.

සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් පදිකයින් අනතුරට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, මෙතෙක් පැවති අවවාද කිරීම් වෙනුවට ඉදිරියේදී සෘජුවම නීතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා ප්‍රකාශ කරයි.

මාර්ග අනතුරු හේතුවෙන් දැනට දිනකට පුද්ගලයන් 10 දෙනකුට වඩා මියයන බවද ඒ මහතා පෙන්වා දෙයි.

කාලීන පුවත්