ඉන්ධන මිල ඉහළ යන බවට ඉඟි

ඉන්ධන මිල ඉහළ යන බවට ඉඟි ගෝලීය තෙල් මිල ඉහළ යාමේ බලපෑම අවම කර ගැනීමට නව පියවර ගැන සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හමුවක් ඉල්ලා ඇත.මැදපෙරදිග සහ යුක්රේන ගැටුම් නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 ආසන්නයට පැමිණ තිබේ.ගත වූ මාස කිහිපයට සාපේක්ෂව ඩීසල් මිල 45% කින් සහ පෙට්‍රල් මිල 30% කින් ඉහළ ගොස් ඇත.වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමේ දුෂ්කරතා පවතින බව දේශීය සිල්ලර ඉන්ධන බෙදාහරින්නන් ද ප්‍රකාශ කර තිබේ.එල්නිනෝ තත්ත්වය නිසා ජල විදුලි උත්පාදනය පහළ බැසීම හේතුවෙන්, විදුලිය නිපදවීම සඳහා දිනෙන් දින වැඩි ඉන්ධන ප්‍රමාණයක් මුදා හැරීමට සිදුවීම අර්බුදය තවත් උග්‍ර කර ඇත.ඉදිරියේදී ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සහ කළමනාකරණය කිරීම අනිවාර්ය වන බව මෙහිදී විශේෂයෙන් පෙන්වා දී ඇති අතර මෙම තත්වය යටතේ ඉදිරි දින වල ඉන්ධන මිල තව දුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

කාලීන පුවත්