ශිෂ්‍යත්වයට සහ උසස් පෙළට පෙනී සිටින සිසුන්ට ‘සිසු සැරිය’ සේවාව ක්‍රියාත්මකයි – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙන්ම 10 වනදා සිට ආරම්භ වන අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන විභාගවලදී ආපදාවන්ට පත්විය හැකි සියලු ස්ථානවලට අදාළ නිලධාරීන් මෙන්ම අවශ්‍ය උපකරණ යොමු කර ඇති බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය සඳහන් කරයි.

විභාගවලට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවාව නියමිත පරිදි ක්‍රියාත්මක කෙරෙයි.

2026 උසස්පෙළ විභාගය අගෝස්තු 10 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා ක්‍රියාත්මකයි.

කාලීන පුවත්