එල්-නිනෝ බල­පෑ­මෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට වැඩි පිරි­සක් පීඩා­වට

එල්-නිනෝ බල­පෑම හේතු­වෙන් අම්පාර, බදුල්ල, මඩ­ක­ල­පුව, මොන­රා­ගල, පොලො­න්න­රුව, රත්න­පුර, හම්බ­න්තොට දිස්ත්‍රික්ක හතේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 23කට අයත් පවුල් 25628ක පුද්ග­ල­යන් 81865ක් ඊයේ (24) පෙර­ව­රුව වන විට බල­පෑ­මට ලක්වී ඇති බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය තත්ත්ව වාර්තාව නිකුත් කර­මින් සඳ­හන් කරයි. එම දිස්ත්‍රික්ක අත­රින් අම්පාර, මඩ­ක­ල­පුව, මොන­රා­ගල, පොලො­න්න­රුව, රත්න­පුර දිස්ත්‍රික්ක පහේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 20කට අයත් පවුල් 23048ක, පුද්ග­ල­යන් 72153කට පානීය ජලය බෙදා දෙන බවද එහි සඳ­හන් කරයි.

වියළි කාල­ගු­ණය පව­තින ප්‍රදේ­ශ­වල පානීය ජලය හිඟ­වීම හේතු­වෙන් බල­පෑ­මට ලක්ව සිටින ජන­තා­වට අඛ­ණ්ඩව ජලය බෙදා­හැ­රීම සිදු­වන බව සඳ­හන් කළ ආපදා සහන සේවා මධ්‍ය­ස්ථා­නයේ ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේකම් ප්‍රගීත් ධනං­සූ­රිය මහතා දින­කට එක් පුද්ග­ල­යකු වෙනු­වෙන් ලබා දුන් ජල ලීටර් හයක ප්‍රමා­ණය මේ වන විට ලිටර් 15 දක්වා වැඩි­කර ඇති බවද සඳ­හන් කරයි.

එමෙන්ම ජනා­ධි­ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත ජලය බෙදා හැරී­මට අවශ්‍ය මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය ප්‍රති­පා­දන වෙන්කර ඇති බවද පැව­සීය. ඉදි­රි­ය­ටත් වියළි කාල­ගු­ණය හේතු­වෙන් පීඩා­වට පත්වන ජන­තාව සඳහා සහන සැල­සීමේ කට­යුතු අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක කරන බවද ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

එල් නිනෝ තත්ත්වයේ බල­පෑ­මත් සමඟ ඔක්තෝ­බර්, නොවැ­ම්බර් මාස­වල අපේ­ක්ෂිත ප්‍රමා­ණ­යට වඩා වැසි වැඩි විය හැකි බව සඳ­හන් කළ අධ්‍ය­ක්ෂ­ව­රයා මේ දින­වල බොහෝ ප්‍රදේශ­වල උෂ්ණ­ත්වය වැඩි­වී­මට එල් නිනෝ තත්ත්වයේ යම් බල­පෑ­මක් පව­තින බවද ප්‍රකාශ කරයි.

එමෙන්ම මේ වන විට පැසි­ෆික් සාග­රයේ බල­පෑම මත ඉන්දි­යන් සාග­රයේ උෂ්ණ­ත්වය සාමා­න්‍ය­යට වඩා අංශ­ක­ය­කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු සඳ­හන් කළේය. එම ඉන්දි­යන් සාගර ද්විධ්‍රැ­වය මේ වන විට ක්‍රම­යෙන් ධනා­ත්මක අව­ස්ථා­වට පැමි­ණෙ­මින් තිබෙන බවද සඳ­හන් කළ මෙරිල් මෙන්ඩිස් මහතා එම තත්ත්ව­යද ඔක්තෝබර්, නොවැ­ම්බර් වැසි තත්ත්වය වැඩි­වී­මට බල­පාන බව වැඩි­දු­ර­ටත් පවසයි.

කාලීන පුවත්