HIV අසාදිතයින් සංඛ්‍යාව ඉහළට

මෙරටින් වාර්තා වන HIV අසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි.ඒ අනුව පසුගිය වසරේදී, මෙරටින් හදුනා ගෙන ඇති නව HIV අසාදිතයින් සංඛ්‍යාව 860ක්.

වාර්තා වන සමස්ත HIV අසාදිතයින් සංඛ්‍යාව 7,403ක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි.පසුගිය වසරේ 4වන කාර්තුව අවසන් වනවිට, පුද්ගලයින් 12 ලක්ෂ 17,419 දෙනෙකු HIV පරීක්ෂාවට ලක්කර තිබුණි.

ඉන් රෝගීන් හඳුනාගැනීමේ ප්‍රතිශතය 0.07%ක්.පසුගිය වසරේ හතරවන කාර්තුවට අදාළව වාර්තා වූ නව HIV අසාදිතයින් අතර පිරිමි සහ කාන්තා අනුපාතය 7:1 ක් ලෙස සටහන් වේ.වයස අවුරුදු 15ත් 24 ත් අතර තරුණ ප්‍රජාව ආශ්‍රීතව ද නව අසාදිතයින් වාර්තා වී ඇති අතර වැඩිහිටියන් අතර HIVව්‍යාප්තිය 0.1% ක්.

මේ අතර 2025 වසරේදී ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව, නේපාලය, කෙන්යාව, සුඩානය, බ්‍රසීලය, පකිස්ථානය, යේමනය, ඊජිප්තුව, සෙනගාලය සහ පිලිපීනය ඇතුළු රටවල් 21ක HIV අසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි UNAids ආයතනය සඳහන් කරයි.

කාලීන පුවත්