කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකට අද(08) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.

ඒ අනුව අද (08) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කාලීන පුවත්