පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී පැවැති තෙවන විස්සයි20 තරගයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 169ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරගයේ ජය තහවුරු කරනලදි.
ශ්රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කරනලදි.ඔහුට අනගි සහයක් ලබාදුන් කමින්දු මෙන්ඩිස් පන්දු 27කදී නොදැවී ලකුණු 40ක් ලබාගත් අතර, සිනෙත් ජයවර්ධන පන්දු 26කදී ලකුණු 38ක් රැස් කරනලදි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබාගත්තේය.පාකිස්තාන නායක සහිබ්සාදා ෆර්හාන් පන්දු 47කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් රැස් කළ අතර, අරාෆත් මින්හාස් නොදැවී ලකුණු 34ක් ලබාගත්තේය.ශ්රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳහෙළූහ.