ජෝසප් වාස් සහ වත්තල ලයි­සි­යම් සම­ස්ත ලංකා පාසල් ක්‍රීඩා ශූරතා දිනති

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ මෙහෙ­ය­වී­මෙන් පැවති 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ බාලක සමස්ත ශූර­තාව දිනා ගැනී­මට වෙන්න­ප්පුව සාන්ත ජෝසප් වාස් විදු­හල (ලකුණු 118) සමත් වූ අතර, බාලිකා ශූර­තාව වත්තල ලයි­සි­යම් ජාත්‍ය­න්තර පාසල (ලකුණු 215) සතු විය.

ජෝසප් වාස් විදු­හල වසර 13ට පසු මේ ශූර­තාව දිනා­ගත් අතර, ලයි­සි­යම් ක්‍රීඩි­කාවෝ පිට පිට සිව්වැනි වර­ටත් ශූර­තාව දිනා ගැනී­මට කැපී පෙනිණි.

සමස්ත බාලක අනු­ශූ­ර­තාව තිඹි­රි­ග­ස්ක­ටුව මාරි­ස්ටෙලා විදු­හල (ලකුණු 95) හිමි­ක­ර­ගත් අතර, තෙවැනි ස්ථානය මාතර රාහුල විදු­හ­ලට (ලකුණු 82) හිමි විය. පන්නි­පි­ටිය ධර්ම­පාල විදු­හල (ලකුණු 70) බාලිකා අනු­ශූ­ර­තාව දිනා­ගත් අතර, තෙවැනි ස්ථානය මීග­මුව ආවේ මරියා කන්‍යා­රා­ම­යට (ලකුණු 62) හිමි විය.

දිය­ගම මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ නිමා වූ මේ ක්‍රීඩා උලෙළේ අති­ශූර මලල ක්‍රීඩ­කයා ලෙස අවු­රුදු 20න් පහළ බාලක මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ තත්පර 14.02කින් නිමා කළ ගොඩ­ක­වෙල කුල­රත්න මධ්‍ය මහ විදු­හලේ කවීෂ දිල්ෂාන් සම්මාන ලැබූ අතර, අවු­රුදු 20න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වේ තත්පර 24.23කින් නිමා කර­මින් රන් පද­ක්කම දිනා­ගත් වත්තල ලයි­සි­යම් ජාත්‍ය­න්තර පාසලේ රිසන්සා හිරු­පමා අති­ශූර මලල ක්‍රීඩි­කාව ලෙස තිළිණ ලැබු­වාය.

නව තරග වාර්තා 23ක් බිහි වූ මේ තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති අතර, එම අව­ස්ථා­වට තරුණ කට­යුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් (විෂය සම­ගාමී සහ ප්‍රාථ­මික අධ්‍යා­පන සංව­ර්ධන) රුක්මාලී කාරි­ය­ව­සම් යන මහත්ම මහ­ත්මීහු ද එක් වූහ.

කාලීන පුවත්