බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ඔර්නබ් (Arnab) ඉතා ප්රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බැවින්, එම කාලගුණ පද්ධතියෙන් ශ්රී ලංකාවට ඇති වන බලපෑම ක්රමයෙන් අඩු වී ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කෙසේ වෙතත්, දිවයිනේ ප්රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්රදේශවල තද සුළං ද ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති වේ.ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවල ද පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.මේ අතර, මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින්, ඒවායින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.