ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය.ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට විදේශගත වීම වළක්වමින් විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කර ඇත.මෙම නියෝගය ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පමණක් බලපැවැත්වෙන අතර, එම නඩුවේදී නාමල් රාජපක්ෂ මහතා සමඟ අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මියට ද ඇප නියම කර ඇති බව වාර්තා වේ.නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමේදී ඔහුගේ මව සහ පියා බරපතළ අසනීප තත්ත්වයෙන් පසුවීම සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එහෙත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම ඇප ඉල්ලීමට විරෝධය පළ කර තිබිණි.ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගමට ලබාදීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතාට මෙම නඩුවෙන් ඇප හිමි වුවද ඔහුට බන්ධනාගාරයෙන් නිදහස් වීමට නොහැකි වනු ඇත. ඊට හේතුව එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින වෙනත් නඩුවකදී ද ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමයි.