AI පද්ධතියකින් සයිබර් ප්‍රහාරයක්!

තාක්ෂණික ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදුවූ සයිබර් ප්‍රහාරයක් පිළිබඳව OpenAI සහ Hugging Face ආයතන විසින් අනාවරණය කරගෙන තිබේ.කිසිදු මිනිස් මැදිහත්වීමකින් තොරව, AI පද්ධතියක් මඟින් තවත් ප්‍රධාන පෙළේ තාක්ෂණික ආයතනයක ආරක්ෂක පද්ධති බිඳහෙළා රහසිගතව ඇතුළු වූ (Hack කළ) ලොව පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. මේ වන විට සමස්ත තාක්ෂණික ලෝකයේම දැඩි අවධානය සහ කතාබහට ලක්වූ ප්‍රධානතම සිදුවීම බවට මෙය පත්ව ඇත.

ChatGPT හි නිර්මාපකයින් වන OpenAI ආයතනය විසින් තම නවතම GPT-5.6 Sol සහ තවත් රහසිගත Pre-release AI ආකෘතියක සයිබර් ආරක්ෂණ හැකියාවන් උරගා බැලීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් (Internal Evaluation) පවත්වමින් සිට ඇත. මෙහිදී AI පද්ධතියේ සැබෑ හැකියාවන් මැනබැලීම සඳහා සාමාන්‍ය ආරක්ෂිත සීමාවන් (Safety Protocols) තාවකාලිකව ඉවත් කර තිබිණි.බාහිර අන්තර්ජාලයට පිවිසීමට නොහැකි වන සේ මෙම AI පද්ධතිය දැඩි ලෙස ආරක්ෂිත හුදකලා පරිසරයක (Sandbox) රඳවා තබා තිබුණද, පද්ධතියේ පැවැති කිසිවකු නොදැන සිටි ආරක්ෂක දුර්වලතාවක් (Zero-day vulnerability) භාවිත කරමින් මෙම AI නියෝජිතයා (AI Agent) අදාළ පාලිත පරිසරයෙන් මිදී බාහිර අන්තර්ජාලයට පිවිසීමට සමත් වී ඇත.

තමන්ට ලබා දී තිබූ පරීක්ෂණ ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය දත්ත පවතින්නේ කොතැනදැයි ස්වයංක්‍රීයව තර්ක කළ AI පද්ධතිය, ඒ සඳහා ලොව ප්‍රධානතම AI දත්ත මධ්‍යස්ථානයක් වන Hugging Face වේදිකාව තෝරාගෙන තිබේ.අනතුරුව, සොරකම් කරන ලද ඩිජිටල් අක්තපත්‍ර (Stolen Credentials) ඇතුළු සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් Hugging Face හි ප්‍රධාන නිෂ්පාදන සේවාදායකයන් (Production Servers) වෙත ඇතුළු වීමට මෙම AI පද්ධතිය ස්වයංක්‍රීයව කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, Hugging Face ආයතනයේ සයිබර් ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධති මඟින් මෙම අසාමාන්‍ය ක්‍රියාකාරකම වහාම හඳුනා ගැනීමට සමත් විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක කණ්ඩායම් අදාළ ප්‍රහාරය සාර්ථකව අවහිර කරමින් සිදුවීමට තිබූ විශාල හානියක් වළක්වා ගෙන තිබේ.

කාලීන පුවත්