LPL ක්‍රිකට් තර­ගා­ව­ලි­යට විදෙස් ක්‍රීඩ­ක­යන් 700කගෙන් ඉහළ ඉල්ලු­මක්

2026 ලංකා ප්‍රිමි­යර් ලීග් 20-20 ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා විදෙස් ක්‍රීඩ­ක­යන් 700ක් අව­ස්ථාව ඉල්ලා තිබෙන බව තර­ගා­වලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩ­න්වෙල මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් ඉල්ලුම් කර ඇති ක්‍රීඩකයින් 700 අතරින් විදෙස් ක්‍රීඩ­ක­යන් 250ක් පමණක් ලියා­ප­දිංචි කරන බවයි දොඩ­න්වෙල මහතා සඳහන් කර සිටියි.

මාර්ග­ගත ක්‍රමය හරහා ක්‍රීඩක ලියා­ප­දිං­චිය ඊයේ(20) මධ්‍යම රාත්‍රියෙන් පසු වසා දමා ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩ­ක­යන්ද 160ක් පමණ ලංකා ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට මෙවර සම්බන්ධ කරගැනී­මට අපේක්ෂා කෙරෙයි.

පාකි­ස්තා­නය, බංග්ලා­දේ­ශය, දකුණු අප්‍රි­කාව, ඇෆ්ග­නි­ස්තා­නය සහ එංග­ල­න්තය යන රට­වල ක්‍රීඩ­ක­යන් මෙවර ලංකා ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය කෙරෙහි විශාල උන­න්දු­වක් තිබීම විශේ­ෂ­ත්ව­යක්.

ලංකා ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය ජූලි මස 17දා ආරම්භ කිරී­ම­ට‍ ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සැල­සුම් කොට ඇති අතර, එදින යාප­නය හා ගාල්ල කණ්ඩා­යම් අතර රාත්‍රී තර­ගය කොලඹ SSC පිටි­යේදී පැවැත්වීමට නියමිතයි.

අව­සන් මහා තර­ගය අගෝස්තු 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේම­දාස පිටියේ පැවැ­ත්වෙන අතර, එම තර­ගය ඇතුළු තර­ගා­ව­ලියේ රාත්‍රී තරග ගන්න 16ක්.

ඊට අම­ත­රව දිවා තරග 8ක් තරගාවලියට ඇතු­ළත්.

කාලීන පුවත්