TIN එක අප්‍රේල් දක්වා කල් යයි

ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් එක් එක් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (11) පැවසීය.එමෙන්ම ජංගම බැංකු ගිණුමක් ඇරඹීමේදී, රථ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී ලබන මස 01 වැනිදා වන විට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් ඨෛණ් ලබා දිය යුතු යැයි අනිවාර්ය කර තිබූ තීරණය ද අප්‍රේල් දක්වා කල් දැමූ බවත් තාක්ෂණික පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන ස්වභාවය නිසා මෙයට කාලය ලබා දීමට තීරණය කළ බවත් ඔහු කීය.වර්ෂයකට රුපියල් ලක්ෂ දොළහකට වඩා වැඩි ආදායමක් ලබන අවුරුදු 18ට වැඩි පුද්ගලයන් පමණක් බදු ගෙවීම සඳහා සුදුසුකම් ලබන අතර මෙලෙස වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනා බදු හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු ය. නමුත් ඔවුන් සියලු දෙනාම බදු බැඳියාවකට යටත් වන බව ඉන් නොකියවේ.ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේ දී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අප්‍රේල් මස සිට අනිවාර්ය බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

කාලීන පුවත්