අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කෙරේ

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන හිමියන්ට කෝටා ක්‍රමය භාවිත නොකර පෙට්‍රල් ලබා ගැනීමට ඉඩ සලසමින් අප්‍රේල් 11 වැනිදා සිට QR ක්‍රමය තාවකාලිකව ලිහිල් කෙරුණි.

කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මකයි.

කාලීන පුවත්