ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය 15 දා ගාල්ලේදී

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 15 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.ආබාධවලට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක හට පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි සඳහන් වෙයි.කෙසේ වෙතත්, මෙහි ඇති විශේෂත්වය වන්නේ කලක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා ලෙස යළිත් වරක් මෙවර ටෙස්ට් සංචිතයට කැඳවා තිබීමයි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර, ඊට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් පහතින් ,

ධනංජය ද සිල්වා (නායක)

දිනේෂ් චන්දිමාල්

නිරෝෂන් දික්වැල්ල

ලහිරු උදාර

නිශාන් මධුෂ්ක

කමිඳු මෙන්ඩිස්

පසිඳු සූරියබණ්ඩාර

සොනාල් දිනූෂ

රමේෂ් මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

කේෂර නුවන්ත

මිලාන් රත්නායක

අසිත ප්‍රනාන්දු

ලහිරු කුමාර

විශ්ව ප්‍රනාන්දු

දිල්ෂාන් මධුෂංක

දෙරට අතර පැවැත්වෙන මෙම පළමු ටෙස්ට් තරගය ලබන 15 වනදා උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වෙනවා .

කාලීන පුවත්