ඉන්දුනීසියාවට භූකම්පනයක්

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට (15) රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 යන අගයන්වලින් පසු කම්පන 3ක්ද සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත.

ඒ අනුව එරටට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමටද එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබේ.එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීම මගින් එරට ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ වෙරළ තීරයෙන් සහ ගං ඉවුරුවලින් ඉවත්ව සිටින ලෙසයි.

ඉන්දුනීසියාවේ හටගත් මෙම භූකම්පනය අනුව මෙරට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයද නිවේදනයක් නිකුත් කර තිබේ.ඉන්දුනීසියාවේ හටගත් මෙම භූකම්පන තත්ත්වයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බවයි එහි සඳහන්ව ඇත.ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කාලීන පුවත්