කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (04) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද උදැසන 9:00 සිට රාත්‍රී 9:00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව සිදු කිරීමටයි නියමිතව තිබේ.
කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලබයි.
ඊට අමතරව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උප පොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බැවින් මෙලෙස ජලය සැපයීම අත්හිටුවන බවයි ඔවුන් පවසයි.
එමෙන්ම දෙහිවල ජල පොම්පාගාරය සහ මාලිගාවත්ත පොම්පාගාරය ආශ්‍රිතව ද විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු ද අද දින සිදු කිරීමට නියමිතයි.