නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරි වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් ග්‍රෙගරි වැවේ වාන් දොරටුව ඊයේ (04) විවෘත කර තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම ද තාවකාලිකව තහනම් කර තිබෙන බවයි වාර්තා වෙයි.
එමෙන්ම නුවරඑළිය-බදුල්ල ප්‍රධාන මාර්ගය, නුවරඑළිය-හැටන් ප්‍රධාන මාර්ගය සහ නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගය, ටොප්පස් සිට ලබුකැලේ ප්‍රදේශය දක්වා ඝන මීදුම් තත්වයක් පවතින බැවින් එම මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.