ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (09) සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.ඒ අනුව අද සිට එළඹෙන 14 වැනිදා දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි.
ඒ යටතේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවන් නොමැති පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පිරිසිදු කිරීම, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් සංවිධානය කිරීම මෙන්ම මෙහෙයුම් මැදිරියක් මගින් දෛනික කටයුතු අධීක්ෂණය කිරීම ඇතුළු කාර්යයන් රැසක් මෙම සතිය තුළ සිදු කිරීමට නියමිත බවයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව, මෙම වැඩසටහනේ අනෙකුත් හවුල්කාර පාර්ශ්ව ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන එක්ව කටයුතු කරන බවයි සඳහන් කරයි.