පාර්ලිමේන්තුව අද (10) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.
පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.
පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහායි වෙන් කර තිබේ.
පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතයි.
නලින් බණ්ඩාර මහතා – ඉන්ධන පිරිවුම්හල් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාදාමය නියාමනය කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම
උපුල් කිත්සිරි මහතා – රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුවන්වෙල වලව්ව ප්රමුඛ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම
ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා – ” ශ්‍රී ලංකා බයිතුල්මාල් අරමුදල ” නමින් අරමුදලක් ආරම්භ කිරීම
නීතීඥ හිරුනි විජේසිංහ මහත්මිය – පාසැල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තිය සංවර්ධනය සහ පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුව ලත් මනෝ උපදේශකවරයෙකු (Student Counsellor)
රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය – විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වන “රටවිරුවන් ” වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීම
රුවන්තිලක ජයකොඩි මහතා – ශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ පිහිටි ආපන ශාලාවන්හි ළමුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
රජීවන් ජෙය චන්ද්‍ර මූර්ති මහතා – යාපනයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම හා ආර්ථිකය සංවර්ධන කිරීම
අනතුරුව ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.