පෞද්ගලික ඉන්ධන සමාගම්වලට මිල තීරණය කිරීමේ නිදහස

පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉන්ධන මිල තීරණය කර අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.රජය විසින් නිශ්චිත මිලකට ඉන්ධන අලෙවි කරන ලෙස එම සමාගම් වෙත මෙතෙක් කිසිදු ලිඛිත නියෝගයක් ලබාදී නොමැති බවත්, ඔවුන් දැනට සිපෙට්කෝ මිල ස්වේච්ඡාවෙන් අනුගමනය කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.මේ අතර, ලෝක වෙළෙඳපොළේ දැවැන්ත වෙනසක් සිදු නොවන්නේ නම්, ඉදිරි මාස තුනක කාලය තුළ සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිදු සූදානමක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.එමෙන්ම, මෙරට ඉන්ධන සංචිත සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, ඉදිරි කාලය තුළ ඉන්ධන සැපයුම සාර්ථකව කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්