මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) වීදී සංචාරය කරයි.

පස්වරු 6. 28ට යෙදී ඇති සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳගල වෙත පය තබන මොහොතේ පෙරහැර ආරම්භ කිරීම පැරණි සංස්කෘතික චාරිත්‍ර විධියකි.

දළදා මාලිග පරිශ්‍රයේ මහමළුවෙන් පිටත් වන පෙරහැර දළදා වීදිය, යටිනුවර සහ රජ වීදිය ඔස්සේ නැවත දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ මාලිගාවට ගෙවැද නිමාවට පත්වෙයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි සහ දළදා මාලිගාවේ පෙරහැර අලි ඇතුන් ද නැටුම් සහ හේවිසි කණ්ඩායම්වලින් ද සමන්විතව දළදා සමිඳුන් පුදන විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙසින් පැවැත්වෙයි.

කාලීන පුවත්