රළු මුහුදු ප්රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.ඒ කන්කසතුරය සිට කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්රදේශ සඳහායි.
මෙම නිවේදනය අද (21) පෙ.ව. 04.15 ට නිකුත් කර ඇති අතර එය අද ප.ව. 10.15 වන තෙක් වලංගු වෙයි.කන්කසන්තුරය සිට කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශ වල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.එබැවින් එම මුහුදු ප්රදේශ වල සිය කටයුතු වල යෙදෙන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.