
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට ය. මේ නිසා ම පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැති ව කිසිදු බද්දක් පැනවීමට රාජ්‍ය ආයතනයකට හැකියාවක් නැත. රජයට බදු ලෙස හා වෙනත් විවිධ මාර්ගවලින් ලැබෙන සෑම ආදායමක් ම ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වේ. ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත් කිරීම නැතහොත් වියදම් කිරීම කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති වියදම් දැරීම සඳහා පමණි. සෑම වර්ෂයක ම අයවැය ලේඛනය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන්, ඒ වර්ෂයට අදාළ ව රජයේ වියදම් ලෙස ඇස්තමේන්තු කර ඇති වියදම්වලට හා ඒ වර්ෂයේ ආදායම් ලෙස පෙන්වා ඇති ඇස්තමේන්තුවලට තම අනුමැතිය දීම සිදු කෙරේ. රජය විසින් අදාළ වර්ෂයේ වියදම් දැරීම සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිදහස් කිරීම ආරම්භ කරන්නේ මුදල් අමාත්‍යවරයා විසින් වොරන්ට් බලපත්‍රය අත්සන් තැබූ පසුව පමණි. වොරන්ට් බලපත්‍රය අත්සන් කළ හැක්කේ අදාළ වර්ෂය සඳහා අයවැය සම්මත වුවහොත් පමණි. යම් හෙයකින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුවහොත් මුළු අමාත්‍ය මණ්ඩලය ම විසිරී යන්නේ, පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලන බලය ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහි ද බලපාන අතිශය වැදගත් බලයක් බැවිනි.
රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ ව පාර්ලිමේන්තුවට පවරා ඇති බලය ක්‍රියාත්මක කිරීමේදී ඊට ආනුෂංගික නෛතික විධිවිධාන මෙන් ම පරිපාලන ව්‍යුහයක් ද ඉහළ සිට පහළ දක්වා රාජ්‍ය සේවයේ ක්‍රියාත්මක වේ. රටේ මූල්‍ය පාලනය පිළිබඳ ව පාර්ලිමේන්තුවට වගකියන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයයි. මූල්‍ය පාලනය පිළිබඳ ව තමන්ට ඇති වගකීම යටතේ රටේ රාජ්‍ය මූල්‍ය පරිපාලනය සඳහා අදාළ රීති මාලාවක් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒවා මුදල් රෙගුලාසි ලෙස හැඳින්වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘එෆ්.ආර්.’ (F.ර්ර්.) ලෙස හඳුන්වන මුදල් රෙගුලාසි සෑම රාජ්‍ය ආයතනයක් විසින් ම අනුගමනය කිරීම අනිවාර්ය වේ. මුදල් අමාත්‍යවරයා විසින් මුදල් රෙගුලාසි ප්‍රකාර ව සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙකු ලෙස පත් කරනු ලබයි. ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා යටතේ ඇති ඒ ඒ දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු තමන්ගේ දෙපාර්තමේන්තුවට අදාළ ආදායම්/වැය ශීර්ෂයේ ගණන් දීමේ නිලධාරීන් ලෙස ක්‍රියා කරති. මේ එක් එක් ගණන් දීමේ නිලධාරියා සතු වියදම් දැරීමේ බලය වර්ෂය ආරම්භයේදීම බලය දීම, අනුමත කිරීම, සහතික කිරීම සහ ගෙවීම යන පියවර හතරට බෙදා, එක් එක් පියවර සඳහා බලය ලත් නිලධාරියෙකු බැගින් පත් කෙරේ. වියදමක් දැරීම සඳහා බලය දීමේ අධිකාරිය බොහෝ විට ගණන් දීමේ නිලධාරියා ම සිදු කරයි. අනුමත කිරීම අදාළ කාර්යභාර මාණ්ඩලික නිලධාරියාටත්, සහතික කිරීම ගණකාධිකාරීවරයාටත්, ගෙවීම බැංකුවටත් (චෙක්පත මඟින්) පැවරීම සාමාන්‍ය සිරිතයි. මේ එක් එක් පියවරේදී අදාළ වියදම නීත්‍යානුකූල දැයි පරීක්ෂා කිරීමට හැකියාවක් පවතී. රජයේ මුදලක් වැය කිරීම ලේසි පහසු වැඩක් නොවේ. ඒ සඳහා අවම වශයෙන් මේ පියවර හතර පිළිබඳ වගකීම් දරන්නන්ගේ සුපරීක්ෂණය අත්‍යවශ්‍ය වේ. රජයේ අරමුදල්වලින් කිසියම් වැරදි ගෙවීමක් සිදුව ඇත්නම් මේ පියවර හතර භාර නිලධාරීහු අවස්ථානුකූල ව එහි වගකීම දැරීමට බැඳී සිටිති.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී පාර්ලිමේන්තුව සතු බලය යටතේ ආදායම් එක්රැස් කිරීම හා වියදම් සිදු කිරීමේ කාර්යය මුදල් රෙගුලාසි ප්‍රකාර ව ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට, ගණන් දීමේ නිලධාරීන්ට හා ඔවුන් විසින් වාර්ෂික ව බලය පවරා දෙනු ලබන රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබේ. ඒ අතර, මේ කටයුතු නිසියාකාර ව සිදු කරන්නේද යන්න පිළිබඳ ව පරීක්ෂා කර පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම විගණකාධිපතිවරයෙකු පත් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවට පමණක් වගකියන ස්වාධීන නිලධාරියෙකු වන විගණකාධිපතිවරයා සියලු ම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කාර්යාල, සංස්ථා, මණ්ඩල, අධිකාරි, කොමිෂන් සභා හා 51%කට වඩා කොටස් රජයට හිමි සමාගම් ආදිය විගණනය කර පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු ය.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී පාර්ලිමේන්තුව සතු බලය යටතේ ආදායම් එක්රැස් කිරීම හා වියදම් සිදු කිරීමේ කාර්යය මුදල් රෙගුලාසි ප්‍රකාර ව ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට, ගණන් දීමේ නිලධාරීන්ට හා ඔවුන් විසින් වාර්ෂික ව බලය පවරා දෙනු ලබන රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබේ. ඒ අතර, මේ කටයුතු නිසියාකාර ව සිදු කරන්නේද යන්න පිළිබඳ ව පරීක්ෂා කර පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම විගණකාධිපතිවරයෙකු පත් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවට පමණක් වගකියන ස්වාධීන නිලධාරියෙකු වන විගණකාධිපතිවරයා සියලු ම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කාර්යාල, සංස්ථා, මණ්ඩල, අධිකාරි, කොමිෂන් සභා හා 51%කට වඩා කොටස් රජයට හිමි සමාගම් ආදිය විගණනය කර පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු ය. මේ විගණනය යන්නට සියලු ම ගිණුම් පරීක්ෂා කිරීම, විගණනය කිරීම, යම් නිශ්චිත ගනුදෙනුවලට අදාළ තොරතුරු, ලේඛන, පොත්පත්, ලියවිලි ආදිය පරීක්ෂා කිරීම, ගෙන්වා ගැනීම, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගෙන් අභිමත අන්දමට ප්‍රශ්න කිරීම, නිරීක්ෂණ කිරීම, තොරතුරු ඉල්ලා සිටීම, ගිණුම් ප්‍රමිතිවලට අනුකූල බව, සත්‍ය හා සාධාරණ බව ආදී දේ තහවුරු කිරීම ද අයත් වේ. පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාව හා පොදු ව්‍යාපාර කාරක සභාව හරහා විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන මේ වාර්තා සමාලෝචනය කර, අවශ්‍ය යැයි පාර්ලිමේන්තුව අදහස් කරන ආනුෂංගික ක්‍රියාමාර්ග ගනු ලබයි. මේ අනුව මේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ ව අනුගමනය කරන ක්‍රියාවලිය ඉතාමත් පැහැදිලි ය. සමස්ත රාජ්‍ය තන්ත්රය ම රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලියේ වගකීම දරන ආකාරයේ දියුණු පරිපාලන ව්‍යුහයකින් සමන්විත රාජ්‍ය මූල්‍ය පාලන ව්‍යුහය පිළිබඳ ව සාකච්ඡා කිරීම වර්තමානයේදී බෙහෙවින් වැදගත් කාර්යයක් වන්නේ ය. ඒ, මේ වන විට රාජ්‍ය මූල්‍ය පාලන ක්‍රියාවලිය තුළට අපරාධ නීතිය බලාත්මක කරන රාජ්‍ය ව්‍යුහයන් මැදිහත් කරමින්, රාජ්‍ය මූල්‍ය පාලනය කෙලින් ම අපරාධ නීතියට අනුව සමාලෝචනය කරන විපරීත ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් තිබෙන බැව් නිරීක්ෂණය වී ඇති නිසා ය. මේ අක්‍රමවත් මැදිහත් වීම් නිසා රාජ්‍ය පාලනය තුළ මතුවිය හැකි ගැටලු හා රාජ්‍ය මූල්‍ය පාලන ක්‍රියාවලියට ඉන් ඇතිවිය හැකි අහිතකර බලපෑම සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.
ඉහත සඳහන් කළ මුදල් රෙගුලාසිවල මූල්‍ය පාලනයට අදාළ ව වියදම් හා ආදායම් ඇස්තමේන්තු, වියදම් අත්හැර දැමීම්, ආපසු ගෙවීම් පිළිබඳ අධිකාරී බලය, මුදල් පාලනය හා ගිණුම්ගත කළ හැකිවීම, ආණ්ඩුවේ මුදල් යනාදියේ භාරකාරිත්වය, අග්‍රිම හා ගිණුම්, අත්තිකාරම් ගිණුම්, කච්චේරි ගිණුම්, උසාවි ගිණුම්, විදේශ ආධාර, මුද්‍රණ හා ප්‍රකාශන, සැපයුම්, වැඩ හා සේවා ආදී වශයෙන් මූල්‍ය පාලනයේ සියලු ම අංශ සඳහා රෙගුලාසි පනවා ඇත. එහිදී යම් කිසි නිලධාරියෙකුගේ නොසැලකිල්ලක්, ප්‍රමාදයක්, වරදක් හෝ වංචාවක් මත රජයට සිදුවන අලාභවලට අදාළ නිලධාරියා පෞද්ගලික ව වගකිව යුතු වේ. එමඟින් එම පාඩුව ප්‍රතිපූර්ණය කළ යුතු ය. මේ සඳහා මුදල් රෙගුලාසිවලින් ම පරීක්ෂණ පවත්වා පාඩුව අයකර ගන්නා අන්දම පිළිබඳ විධිමත් ක්‍රියාවලියක් ද නියම කර ඇත. මේ නිසා රාජ්‍ය මූල්‍ය පාලනයේදී රජයට යම් නිලධාරියෙකුගේ වරදින් පාඩුවක් සිදුව ඇති බව පෙනී ගියහොත් එම පාඩුව ප්‍රතිපූර්ණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා ගණන් දීමේ නිලධාරීහු බැඳී සිටිති. කිසියම් සොරකමක්, වංචාවක්, අනතුරක් පිළිබඳ කරුණු හෙළිවන්නේ නම් පොලිසියට පැමිණිලි කළ යුතු ය. ඒ අනුව මුදල් රෙගුලාසි ප්‍රකාර ව මූල්‍ය පාලනයේදී රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන ක්‍රියාකාරකම්වලදී නොසැලකිල්ල, අනවධානය, වැරදි ගෙවීම්, ප්‍රමාද දෝෂයන් ආදිය නිසා යම් අලාභයක්, පාඩුවක් රජයට සිදුවන්නේ නම් ඒ පිළිබඳ ව පරීක්ෂණ පවත්වා අදාළ පාඩුව ප්‍රතිපූර්ණය කර ගැනීම කළ යුතු වේ. ඒ හැරුණු කොට, එම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමක් මූල්‍ය පාලනයේදී අපේක්ෂා නොකළ බව අතිශයින් පැහැදිලි ය. අපරාධ නීතිය ක්‍රියාත්මක වූයේ යම් රජයේ නිලධාරියෙකු චේතනාන්විත සොරකමක්, වංචාවක් සිදු කර රාජ්‍ය දේපළට අලාභයක් කර ඇති බව පැහැදිලි ව පෙනෙන අවස්ථාවල පමණි. එසේ වුව ද 2015 වර්ෂයේ ඇති වූ ආණ්ඩු පෙරළියත් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කළ දූෂණ මර්දන කමිටුවක මෙහෙයවීම මත රාජ්‍ය සේවයේ පරිපාලනමය තීන්දු තීරණ පිළිබඳ ව ලැබෙන පැමිණිලි, විශේෂයෙන් ස්ථාපනය කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනය කරවා පොදු දේපළ පනත යටතේ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ආරම්භ විය. සාමාන්‍යයෙන් පරිපාලනමය වශයෙන් රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණ වැරදි බව හෙළිවුණොත් සිදු කළ යුත්තේ විනයානුකූල ව ක්‍රියා කිරීම වුවත්, රාජකාරියට අදාළ තීන්දු තීරණ පිළිබඳ ව මූල්‍ය අපරාධ ලෙස සලකා ක්‍රියා කිරීම නිසා වඩාත් පීඩනයට පත්වුණේ රාජ්‍ය භාණ්ඩාගාරයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ය. ඒ, භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කවුරුත් පාහේ නිල බලයෙන් රාජ්‍ය සංස්ථාවල පාලක මණ්ඩල සාමාජිකත්වයට පත්ව සිටි නිසා ය. එම පාලක මණ්ඩලවලදී ගත් ප්‍රතිපත්ති තීන්දු පිළිබඳ ව පොලිසිය ප්‍රශ්න කිරීමත්, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමත්, ඊට ලබාදෙන ප්‍රසිද්ධියත් නිසා රාජ්‍ය නිලධාරීහු බලවත් පීඩනයට පත්වූහ. මේ පිළිබඳ ව ආණ්ඩුවේ බලධාරීන්ට රාජ්‍ය නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කර දුන් පසුව, මේ ක්‍රියාවලිය නිසා රාජ්‍ය තන්ත්රය අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බව තේරුම්ගත් ඒ ආණ්ඩුව එම ක්‍රියාවලිය මන්දගාමී කරන ලදී. රාජ්‍ය සේවයේ ගනුදෙනුවලදී සිදුවීමට ඉඩ ඇති දූෂණයන් නිසා රජයට සිදුවිය හැකි පාඩු වළක්වා ගැනීම සඳහා විශේෂ නෛතික විධිවිධාන ජාතික විගණන පනතට ඇතුළත් කිරීම යහපාලන ආණ්ඩුවෙන් සිදු කෙරුණේ මේ අනුව ය. මෙහිදී රාජ්‍ය විගණනය ශක්තිමත් කිරීම තුළින් රාජ්‍ය අංශයේ දූෂණ වංචා ආදිය අඩුකර ගැනීමේ දියුණු උපාය මාර්ගයක් ලෙස ජාතික විගණන පනත හඳුන්වා දීම සැලකිය හැකි ය.
ජාතික විගණන පනතට අනුව මෙතෙක් මුදල් රෙගුලාසි යටතේ රාජ්‍ය නිලධාරියෙකුගේ වරදක් නිසා රජයට වූ අලාභයක් අධිභාර කර අය කර ගැනීමේ ක්‍රමවේදයට අතිරේක ව ඊට වඩා පුළුල් නෛතික බලයක් හඳුන්වා දී ඇත. විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලබන ආයතනයක යම් ගනුදෙනුවක් ලිඛිත නීතියකට පටහැනි ව සිදු කර ඇති බවත්, ඊට සම්බන්ධ අයගේ වංචාවක්, දූෂණයක්, සාවද්‍ය පරිහරණයක් හෝ නොසැලකිල්ලක් නිසා යම් ඌනතාවක් හෝ පාඩුවක් සිදුව ඇති බවත් විගණන කොමිසමට පෙනී යන කල, එම ඌනතාවයේ හෝ පාඩුවේ වටිනාකම අධිභාරයක් මඟින් ඊට සම්බන්ධ අයගෙන් අය කර ගැනීම සඳහා අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට වාර්තා කළ යුතු බව ජාතික විගණන පනතේ 19(1) වගන්තියේ දැක්වේ. විගණන කොමිසමට එසේ යම් ඌනතාවක් හෝ පාඩුවක් වාර්තා නොකර සිටීමට හැකිවන්නේ යම් ලිඛිත නීතියක විශේෂයෙන් ම වෙනත් අන්දමකට කටයුතු කරන ලෙස නියම කර ඇත්නම් පමණක් බව ද එහි දැක්වේ. 19(2) වගන්තිය අනුව එසේ විගණන කොමිසමෙන් ලැබෙන යම් පාඩුවක හෝ අලාභයක වටිනාකම ලද පසු, විනය කටයුතු හෝ අධිකරණ කටයුතුවලට පෙරාතුව අදාළ වටිනාකම අයකර ගැනීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා බැඳී ඇති බව සඳහන් ය. ඒ අනුව විගණකාධිපතිවරයා ස්වකීය විගණනයේදී නිරීක්ෂණය කරන නීත්‍යානුකූල නොවන, වංචා, දූෂණ, සාවද්‍ය පරිහරණ, නොසැලකිල්ල ආදිය නිසා රජයට සිදුව ඇති පාඩු අධිභාර මඟින් ඊට සම්බන්ධ අයගෙන් අයකර ගැනීම සියල්ලට ප්‍රථම කළ යුතු බවට රාජ්‍ය මූල්‍ය පාලන බලතල හිමි පාර්ලිමේන්තුව නීතියෙන් ම නියම කර ඇති බව පැහැදිලි වේ. මෙහිදී අදාළ පාඩුවට සම්බන්ධ ඕනෑම තැනැත්තෙකුගෙන් එය අයකර ගැනීමට බලය දී තිබීම ද විශේෂයකි. මුදල් රෙගුලාසි අනුව අයකර ගැනීම කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ගෙන් පමණි. එසේ වුව ද ජාතික විගණන පනතට අනුව ගනුදෙනුවට සම්බන්ධ රාජ්‍ය නිලධාරියෙක් නොවන තැනැත්තෙකුගෙන් වුවත් අධිභාර කළ හැකි බව පෙනේ. මේ අනුව රාජ්‍ය ගනුදෙනුවලදී වංචා, දූෂණ සහ නොසැලකිල්ල ආදී හේතු මත රජයට සිදුවන පාඩු, අලාභ අධිභාර මඟින් අය කර ගැනීමට ප්‍රමුඛත්වය දීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ක්‍රියා කළ යුතුව තිබේ. ඒ නිසා තම ආයතන තුළ එබඳු සිද්ධීන් පිළිබඳ දැනගත් පසු දූෂණ මර්දන කමිටු හරහා පොලිසියට පැමිණිලි කිරීම වෙනුවට, විගණකාධිපතිවරයාට දන්වා ඒ ගැන පරීක්ෂා කර යම් අලාභයක්, පාඩුවක් සිදුව ඇත්නම් එහි වටිනාකම අධිභාර කිරීම සඳහා වාර්තා කරන ලෙස දැන්විය යුතු වීම නීතියෙන් නියම කළ පරිපාටියයි. මෙය අපේ ගම්බද ව්‍යවහාරයට අනුව කිවහොත් “ගොඩින් බේරා ගැනීමකි”.
එසේ වුව ද ජාතික විගණන පනතෙන් නියම කර ඇති මේ නෛතික පරිපාටිය ගැන ජනාධිපතිවරයාගේ කාර්යාලයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාටවත් අවබෝධයක් නැති බව හොඳින් ම පෙනේ. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයකින් රජයට පාඩු සිදුවූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කෙලින් ම පැමිණිලි කිරීම හා මේ මෑතදී ජනාධිපති වැය ශීර්ෂයෙන් වැටුප් දෙකක් ගත්තේය යන සිද්ධියක් ගැන මධ්‍යම අපරාධ විමර්ශන අංශයට කෙලින් ම පැමිණිලි කිරීමෙනි. ජනාධිපති කාර්යාලයෙන් එකම අයෙකුට එකවර තනතුරු දෙකකට වැටුප් ගෙව්වා නම් එහි පළමු වරද එසේ ගෙවූ තැනැත්තාගේ ය. දැනට කියවෙන්නේ හිටපු ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් ලෙස එක් වැටුපකුත්, තත්කාලීන ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් තනතුරකට තවත් වැටුපකුත් ලබාගෙන ඇතැයි කියා පොලිසියට පැමිණිලි කළ බවකි. මෙය ඇසූ සැනින් මගේ මතකයට ආවේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳ ව විශ්ලේෂණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනට වසර දහනවයකට පමණ පෙර ලබාදුන් වටිනා නඩු තීන්දුවක් ගැන ය. ඒ, 503/2005 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ පහසුකම් ජනාධිපති හිමිකම් පනතට පටහැනි බවට එම නඩුවේදී පෙත්සම්කරුවන් ඉදිරිපත් කර තිබුණි. ඔවුන් පෙන්වා දුන්නේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත අනුව හිමිවන්නේ විශ්‍රාම වැටුපත්, වාසය සඳහා රජයේ නිවසකුත්, ධුරය දරන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ගේ වැටුපට සමාන ලේකම් දීමනාවකුත්, අමාත්‍යවරයෙකුට සපයන අන්දමේ ප්‍රවාහන පහසුකමුත් පමණක් බවයි. ඒ අනුව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට කාර්ය මණ්ඩලයක් රජයෙන් නොසැපයේ. මගේ මතකය අනුව මේ නඩුව පෙත්සම්කරුවන්ට වාසිදායක ලෙස තීන්දු කරන ලදී. ඒ අනුව එම නඩු තීන්දුවෙන් පසු කිසිදු විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට රජයෙන් කාර්ය මණ්ඩල ලබා දුන්නේ ද නැත. විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ලේකම් දීමනාවක් ගෙවනවා මිස පෞද්ගලික ලේකම්වරයෙකුට වැටුප් ගෙවීමක් කරන්නට ද ඉඩක් නැත. විශ්‍රාමික ජනාධිපතිට ගෙවන ලේකම් දීමනාව සමාන වන්නේ ධුර දරන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ගේ වැටුපට ය. එම සමාන කිරීම කර ඇත්තේ පාර්ලිමේන්තුව සම්මත කළ පනත මඟිනි. මේ පැමිණිල්ල කළ අය සිතන්නට ඇත්තේ සිටින ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්ගේ වැටුපට සමාන මුදලක් ගෙවන්නේ විශ්‍රාමික ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්ගේ වැටුප ලෙස කියා විය යුතු ය. ලේකම් දීමනාව යනු වැටුපක් නොව ලේඛන කටයුතු සඳහා පහසුකම් සපයා ගැනීමට දෙන මුදලකි. ඉන් කඩදාසි, පෑන්, පැන්සල්, ලිපි සැකසීමේ ගාස්තු, පරිගණකගත කිරීම්, ලිපිගොනු සැකසීම්, තැපැල් කිරීම්, කුරියර් ගාස්තු ආදී ලේඛන කටයුතු වෙනුවෙන් දරන ඕනෑම වියදමක් දැරිය හැකි ය. මේ දෙයවත් නොදැන ලේකම් දීමනාව යනු වැටුපකැයි සිතන නිලධාරීන්ගේ ඔල්මොරොන්දම් වැඩ නිසා මෙබඳු පැමිණිලිවලින් පොලිසියේත් අධිකරණයේත් වටිනා කාලය නාස්ති කිරීමත්, ඊට ගොදුරුවන පුද්ගලයින්ට හිරිහැරත් හැර වෙනත් ඵලදායී ප්‍රතිඵලයක් අත් නොවේ. වඩාත් නරක ම තත්ත්වය වන්නේ ඔවුන් සේවය කරන්නේ රටේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වීම ය.
රාජ්‍ය සේවයේ වංචා දූෂණ සෙවීමේ හැකියාව ඇත්තේ පොලිස් නිලධාරීන්ට නොව විගණන නිලධාරීන්ට ය. රාජ්‍ය සේවය හා මූල්‍ය පාලනයේ කාර්යක්ෂමතාව හා නිරවද්‍යතාව මැනිය යුත්තේ පොදු දේපළ පනතින් හෝ දණ්ඩ නීති සංග්‍රහයෙන් නොව, පාලන හා මූල්‍ය රෙගුලාසිවලට අනුකූලත්වය හා රාජ්‍ය ආයතනවලට අදාළ අණපනත්වලින් අපේක්ෂිත කාර්යසාධනය ඉටුවීම යන දර්ශකවලිනි. ඒ අනුව රාජ්‍ය මූල්‍ය පාලනයට පොලීසිය රිංගවීම වෙනම අපරාධයක් වන අතර දැනට බලපවත්වන මෙම ක්‍රියාවලිය ඉතා සරල හා සිඟිති උපමාවකින් දැක්වුවහොත්, ගෙදර පොඩි එකා ජංගියේ “චූ” කළ විටෙක 119 අමතා දැන්වීමකට සමාන යැයි මට සිතෙයි.මෙහි වැකි ඡේද අඩු හෝ ඉවත් නොකොට වියරණ සකසන්න:රාජ්‍ය මූල්‍ය පාලනයට පොලීසිය රිංගවීම වෙනම අපරාධයක්.
අවසාන වශයෙන් පෙන්වා දිය යුත්තේ රාජ්‍ය ආයතනවල ගනුදෙනු ක්‍රියාවලිය කෙලින් ම පොලිසිය ලවා පොදු දේපළ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශනයට භාජනය කරවීමේ ක්‍රමවේදය රටේ පවතින නෛතික රාමුවට අනුගත කිසිසේත් ම නොවන ක්‍රියාමාර්ගයක් බව ය. රාජ්‍ය මූල්‍ය පාලන ක්‍රියාවලිය විගණකාධිපතිවරයා මඟින් විමර්ශනය කරවමින් රජයට අලාභයක්, පාඩුවක් සිදුව ඇත්නම් එය අධිභාර ක්‍රියාවලියක් මඟින් පියවා ගැනීමෙන් පසුව, අපරාධ නීතියේ කඩවීමක් ඇත්නම් පමණක් අධිකරණ ක්‍රියාවලියට යොමු කළ හැකි බව ඇත්තකි. එසේ තිබියදී කෙලින් ම අපරාධ නීතිය මඟින් ක්‍රියා කිරීම නිසා රාජ්‍ය සේවයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට හා වගකීම් ගැනීමේ ක්‍රියාවලියට බලවත් පසුබෑමක් ඇති වේ. එය සමස්ත රටේ සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරයි. පසුගිය වර්ෂයේ ප්‍රාග්ධන වැය ශීර්ෂවල විශාල ඉතිරිය හා මෙවර ප්‍රාග්ධන වැය ශීර්ෂවල මන්දගාමී ප්‍රගතියට ප්‍රධාන හේතුව මේ රාජ්‍ය මූල්‍ය පාලනය මැදට “පොලිසිය මැදිහත් කරවීම” බව පෙන්වා දිය යුතුව ඇත. රාජ්‍ය සේවයේ වංචා දූෂණ සෙවීමේ හැකියාව ඇත්තේ පොලිස් නිලධාරීන්ට නොව විගණන නිලධාරීන්ට ය. රාජ්‍ය සේවය හා මූල්‍ය පාලනයේ කාර්යක්ෂමතාව හා නිරවද්‍යතාව මැනිය යුත්තේ පොදු දේපළ පනතින් හෝ දණ්ඩ නීති සංග්‍රහයෙන් නොව, පාලන හා මූල්‍ය රෙගුලාසිවලට අනුකූලත්වය හා රාජ්‍ය ආයතනවලට අදාළ අණපනත්වලින් අපේක්ෂිත කාර්යසාධනය ඉටුවීම යන දර්ශකවලිනි. ඒ අනුව රාජ්‍ය මූල්‍ය පාලනයට පොලීසිය රිංගවීම වෙනම අපරාධයක් වන අතර දැනට බලපවත්වන මෙම ක්‍රියාවලිය ඉතා සරල හා සිඟිති උපමාවකින් දැක්වුවහොත්, ගෙදර පොඩි එකා ජංගියේ “චූ” කළ විටෙක 119 අමතා දැන්වීමකට සමාන යැයි මට සිතෙයි.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති