ලබන 13 වනදා සිට 19 වනදා දක්වා ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය ලෙසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකරගැනීමේ විශේෂ වැඩසටහනක් ලබන සතියේ සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ එය ලබන 13වනදා සිට 19වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව එම වැඩසටහන ප්‍රධාන වශයෙන් ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලු ප්‍රදේශ මෙන්ම මහරගම හා කෝට්ටේ කලාප ඊට අයත් වන බවයි වාර්තා වෙයි.

එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බිල්පත්වල හිඟ මුදල් ලබන 13 වන දිනට පෙර ගෙවා නිමකරන ලෙසයි.

කාලීන පුවත්