ගොවියා රජෙකු බවට අතීතයේ පටන් කරන ප්‍රකාශය අසත්‍යයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් යැයි සිතා කටයුතු නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කර තිබේ. ඒ, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ද සහභාගීත්වයෙන් යුතු සභාවක දී වීම විශේෂත්වයකි. මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ රටේ පොදු ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් වාරිමාර්ග ඉදිකිරීම් සහ පොහොර සහනාධාරය වෙනුවෙන් වැය කරන බවයි. ගොවීන් නිරන්තරයෙන් වී මිල පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවත්, වී මිල ඉහළ යන විට සහල් මිල ද ඉහළ යන බැවින් පාරිභෝගිකයා පිළිබඳව සිතා සමස්ත ජනතාව කෙරෙහි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කොට තිබේ. එසේම වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ඉල්ලන පාර්ශ්වයන්ම ගොවියාගෙන් වී ටික රුපියල් 90-95ට මිලට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ ඇමතිවරයා, රට වටේම මුහුද තබාගෙන සාඩින් පිටරටින් ගෙන ආ යුගය දැන් අවසන් බවත්, 99%ක් හොඳ වැඩ සිදුවන විට 1%ක අඩුපාඩුවක් සොයාගෙන එය ප්රවෘත්ති බවට පත්කිරීමට වත්මන් මාධ්‍ය කටයුතු කරන බවටත් චෝදනා කොට තිබේ. ඒ සම්බන්ධයෙන් අපට පළමුව කීමට ඇත්තේ යුවළකගේ පවුල් කෑම පුවතක් නොවන සමාජයට ඒ පවුලේ අඬ දබර සේම දික්කසාදය ද “හොඳ” ප්‍රවෘත්තියක් බව ය.
ගොවියා රජකු බව කීම බොරුවක් යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කළ මෙම කතාවත්, ඊට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයා රොබට් නොක්ස්ගේ An Historical Relation of the Island Ceylon කෘතිය මුල් කොට සිදු කළ ප්‍රකාශයත් මේ වන විට බහුතර ජනතාවගේ දැඩි අවධානයට ලක්ව ඇත. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට එවක පැවති ගොවි ගැටලු සූක්ෂම ලෙස යොදා ගත්තද, එම ගොවි ගැටලු අර්බුදය වඩාත් උත්සන්න වී ඇති වර්තමානයේ ඊට මුහුණ දෙනු වෙනුවට ගොවියාට අවලාද නැඟීම සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා ද එම ප්‍රකාශ අනියමින් තහවුරු කිරීම ආණ්ඩුව මෑත භාගයේ අත් කරගත් ලොකුම දේශපාලන අවාසිය ලෙස පෙනී යයි.
ඒ කෙසේ වුවද, ගොවියා රජකු බව කීම බොරුවක් යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කළ මෙම කතාවත්, ඊට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයා රොබට් නොක්ස්ගේ An Historical Relation of the Island Ceylon කෘතිය මුල් කොට සිදු කළ ප්‍රකාශයත් මේ වන විට බහුතර ජනතාවගේ දැඩි අවධානයට ලක්ව ඇත. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට එවක පැවති ගොවි ගැටලු සූක්ෂම ලෙස යොදා ගත්තද, එම ගොවි ගැටලු අර්බුදය වඩාත් උත්සන්න වී ඇති වර්තමානයේ ඊට මුහුණ දෙනු වෙනුවට ගොවියාට අවලාද නැඟීම සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා ද එම ප්‍රකාශ අනියමින් තහවුරු කිරීම ආණ්ඩුව මෑත භාගයේ අත් කරගත් ලොකුම දේශපාලන අවාසිය ලෙස පෙනී යයි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් දළ වශයෙන් තුනෙන් එකක් සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තය මත යැපෙන බැවින් මෙම ගොවි පදනම හුදු ඡන්ද පදනමක් ලෙස පමණක් ලඝු කළ නොහැකි අතර, එය ආණ්ඩුවක දේශපාලන ස්ථාවරභාවය තීරණය කරන ප්‍රධානතම සාධකයකි. මේ නිසා කෘෂිකර්මාන්තය උදෙසා රජය සිදුකරන ආයෝජන, ගොවියා වෙත පිරිනමන වරප්‍රසාද ලෙස හෝ “පින් තකා දීම්” සේ දැකීම සම්පූර්ණයෙන්ම සදොස් ය. ඒ සම්බන්ධ විධිමත් දැනුමක් සහිත ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි එම ආයෝජන සැබවින්ම මුළු මහත් ජාතියේම ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදු කරනු ලබන මූලික යටිතල පහසුකම් සංවර්ධනයකි.

නමුත් පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ මෙම යථාර්ථය ප්‍රතිපත්තිමය මට්ටමින් පිළිගැනීමට ලක් වුවද, එහි ප්රතිලාභ බිම් මට්ටමේ ගොවි ජනතාව වෙත සම්ප්‍රේෂණය නොවීමයි. දැනට මෙරට උද්ධමන අනුපාතිකය 6.8%ක් ලෙස සටහන් වන වටපිටාවක, ගොවියා සතු මුදල්වල මිලදී ගැනීමේ හැකියාව දිනෙන් දින ක්ෂය වෙමින් පවතින බව ප්‍රකට කරුණකි. ඩීසල්, පොහොර, ට්‍රැක්ටර් අමතර කොටස් මෙන්ම ප්‍රවාහන ගාස්තු පවා ඉහළ යාම හේතුවෙන් මේ වන විට ග්‍රාමීය ආර්ථිකය දැඩි ලෙස අඩාල වෙමින් පවතී. එමෙන්ම එම රික්තය මුල් කොට මත්ද්‍රව්‍ය සේම නීති විරෝධී මූල්‍ය ආයෝජන ආදී නීති විරෝධී ජාවාරම් ව්‍යාපාර ජාලයන් ගම් මට්ටමින් ප්‍රවර්ධනය වන අතර එය රට පුරා අපරාධ ව්‍යාප්තිය කෙරෙහි ද සෘජුව බල පා තිබේ. මෙවැනි වාතාවරණයක් තුළ, නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් නොකර ගොවීන්ට අවලාද නැඟීමෙන් මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බව පැහැදිලි ය.
මෙම දැඩි ආර්ථික පීඩනය මධ්‍යයේ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා ද රොබට් නොක්ස්ගේ ඓතිහාසික වාර්තා මෙහිලා ඈඳා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් තත්ත්වය වඩාත් අවුල් වී තිබේ. “උඩරට වංශවත් ගොවියා පමණක් රජකමට සුදුසුයි” යන රොබට් නොක්ස්ගේ 17 වැනි සියවසට අයත් නිරීක්ෂණය වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිමය සංවාදයන් සඳහා ඈඳා ගැනීමෙන් සිදුවන්නේ අභාවයට යමින් පවතින පැරණි කුල භේදයන් සහ උඩරට-පහතරට විෂමතාවන් නැවත වරක් ඉස්මතු වීම පමණි. නමුත් රොබට් නොක්ස් සිය කෘතිය තුළින් ශ්‍රී ලාංකික කෘෂිකාර්මික ජීවන රටාව හා ඒ හා සබැඳුණු ගොවි ජීවිත බෙහෙවින් අගය කොට ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා නොදන්නා බවත් ඔහු එහි දී කොට ඇත්තේ ගිරා පෝතක ප්‍රකාශයක් බවත් අතිශයින් පැහැදිලි ය. එමෙන්ම මේ වන විට තම ජීවන අරගල හමුවේ බරපතල පීඩාවකට පත්ව හිඳින වර්තමාන ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ කුල වශයෙන් හෝ උඩරට-පහතරට වශයෙන් කලාපීය වර්ගීකරණයන්ට ලක් වීම නොව, හෙක්ටයාරයකට වැය වන නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකි ප්‍රායෝගික ක්‍රමවේදයන් බව එම ඇමති දෙපළ මනාව වටහා ගත යුතුය.
මානව ශිෂ්ටාචාරයේ ආරම්භක වෘත්තිය ද ගොවිතැන බව ඓතිහාසික හා මානව විද්‍යාත්මකව සනාථ වී තිබේ. දුරාතීතයේ සිට ඉන්දීය ආර්යයන් අතර උසස්ම වංශිකයන් වන ක්‍ෂත්‍රියනට ඒ නම ලැබී ඇත්තේ ක්ෂේත්‍ර හෙවත් කුඹුරු මුල් කර ගනිමින් බව තහවුරු කෙරෙන පාඩම් සෞඛ්‍ය අමාත්‍යවරයාට වෛද්‍ය අධ්‍යාපනයේ දී ඉගෙන ගන්නට නොලැබුණ මුත් අපට ඒවා ඉගෙන ගැනීමට හැකි වී තිබේ. නමුත් ආණ්ඩුව වශයෙන් රටේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් වන මෙම දැවැන්ත ජන කොටස අමනාප කරගැනීම දේශපාලන වශයෙන් බරපතල හානියක් කර ගැනීම අතරම, මෙවැනි ප්‍රකාශ හරහා රටේ සමස්ත ආහාර නිෂ්පාදනය භාරව සිටින මිනිසුන්ගේ සාමූහිකත්වය සහ සහජීවනය බිඳ වැටීමට ලක්වීම ඊටත් වඩා බරපතළ අවදානමකි.
එමෙන්ම මානව ශිෂ්ටාචාරයේ ආරම්භක වෘත්තිය ද ගොවිතැන බව ඓතිහාසික හා මානව විද්‍යාත්මකව සනාථ වී තිබේ. දුරාතීතයේ සිට ඉන්දීය ආර්යයන් අතර උසස්ම වංශිකයන් වන ක්‍ෂත්‍රියනට ඒ නම ලැබී ඇත්තේ ක්ෂේත්‍ර හෙවත් කුඹුරු මුල් කර ගනිමින් බව තහවුරු කෙරෙන පාඩම් සෞඛ්‍ය අමාත්‍යවරයාට වෛද්‍ය අධ්‍යාපනයේ දී ඉගෙන ගන්නට නොලැබුණ මුත් අපට ඒවා ඉගෙන ගැනීමට හැකි වී තිබේ. නමුත් ආණ්ඩුව වශයෙන් රටේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් වන මෙම දැවැන්ත ජන කොටස අමනාප කරගැනීම දේශපාලන වශයෙන් බරපතල හානියක් කර ගැනීම අතරම, මෙවැනි ප්‍රකාශ හරහා රටේ සමස්ත ආහාර නිෂ්පාදනය භාරව සිටින මිනිසුන්ගේ සාමූහිකත්වය සහ සහජීවනය බිඳ වැටීමට ලක්වීම ඊටත් වඩා බරපතළ අවදානමකි. ඒ අනුව කෘෂිකර්ම හා සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රබලතමයන් නොදැන හෝ නොතකා හිඳින බරපතල කරුණක් ද තිබේ. එනම් මෙරට ගොවියා රජවරුන් වීම නොවීම කෙසේ වෙතත් ඒකාන්ත වශයෙන්ම ඔවුන් මෙරට රජුන් තනන්නවුන් (King Makers) වීම ය. ඒ අනුව ආණ්ඩුව මේ කරනුයේ ගසක උස් අත්තක් අග හිඳගෙන එම අත්ත මුලින් කපා දැමීමට වෙර දැරීම වැනි වැඩකි.
ෆාතිමා හලල්දීන්