ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 සීමාවෙන් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (17) දිනයේදී නැවතත් අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 76.28 ආසන්න මට්ටමක පැවති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 79.13 ක් ලෙසයි. විශාලතම පහළ යාමක් වාර්තා කළේ මර්බන් වර්ගයේ බොරතෙල් වන අතර, එහි බැරලයක මිල 7.02%කින් පහළ ගොස් ඩොලර් 71.81ක් දක්වා අඩු වී තිබේ. මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වන අවස්ථාවේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 68ත් 70ත් අතර පරාසයක පැවති අතර, ගැටුම් තීව්‍ර වීමත් සමඟ මිල ඉහළ ගියද මේ වන විට නැවත පහළ යාමක් පෙන්නුම් කරමින් තිබේ. විශේෂඥයන් පවසන්නේ ගෝලීය ඉල්ලුම පිළිබඳ අවිනිශ්චිතතාව සහ සැපයුම ස්ථාවරව පැවතීම මෙම පහළ යාමට හේතු වී ඇති බවයි.

කාලීන පුවත්