වාහන ණය සීමාවන් දැඩි කිරීමට මහ බැංකුවෙන් පියවර

ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම ‘ණය සහ වටිනාකම අතර අනුපාතයන්’ (LTV Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, නව සංශෝධිත උපරිම ණය සීමාවන් පහත පරිදි වේ,

වාණිජ වාහන (Commercial Vehicles) සඳහා – වාහනයේ වටිනාකමෙන් උපරිමය 60% ක් දක්වා පමණි.

මෝටර් රථ (Cars), SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා – වාහනයේ වටිනාකමෙන් උපරිමය 40% ක් දක්වා පමණි.

මෙමඟින් ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60% ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතු වේ.

කාලීන පුවත්