ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් මනා කළමනාකාරිත්වයකින් පවත්වාගෙන යෑමත්, සේවා ලබා ගන්නා මහජනතාවගේ පහසුවත් වෙනුවෙන් ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ජාතික මට්ටමේ විභාග ද ඇතුළත්ව විභාග 300කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වනු ලබයි. විභාගයන්හි සියලුම දත්ත සහ මෙහෙයුම් හා බැඳී ඇති තීරණාත්මක කාර්යයන් කළමනාකරණය කිරීම සඳහා මේ වන විට පරිගණක කළමනාකරණ තොරතුරු පද්ධතියක් භාවිත කරනු ලබයි.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් කාර්යයන්, එක් එක් අංශ සඳහා අනන්‍ය වූ පරිගණක ජාල ලෙස පැවතීම හේතුවෙන් විභාග ක්‍රියාවලියේ බොහෝ අත්‍යවශ්‍ය අදියරයන්, මානව සම්පත පමණක් භාවිතයෙන් සිදු කිරීම කළ යුතු අතර, දත්ත සහ ලේඛන භෞතික මාර්ග ඔස්සේ ශාඛා අතර මාරු කරනු ලැබේ.
ඒ හේතුවෙන්, කාර්යක්ෂමතාව අඩු වීම, ප්‍රමාදයන් සිදු වීම, භෞතික හා මානව සම්පත් නාස්තිය ආදිය සිදු වන බව නිරීක්ෂණය වී ඇත.ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක රාජ්‍ය අංශ සේවාවන් ඩිජිටල්කරණ ක්‍රියාවලියට අනුගතව විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල යටිතල පහසුකම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය කරුණක්ව තිබේ.ඒ අනුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලු ශාඛා ආවරණය වන පරිදි පුළුල් පරිගණක ජාලයක් සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කිරීමට සැලසුම් මේ වන විට ක්‍රියාත්මක වේ.