
කොන්දෙ කැක්කුම ඕනෑම කෙනෙකු තුළ කිනම් මොහොතක හෝ ඇතිවිය හැකි හරිම සුලබ දෙයක්. මෙය එක එක ආකාරයට දැනිය හැකියි. නමුත් කොන්දෙන් පටන් ගන්නා කැක්කුම කකුල දිගේ පිටුපසින් පහළට ගමන් කරන්නේ නම් අපි එය සයටිකා (Sciatica) ලෙසින් හඳුන්වනවා.
මොකක්ද සයටිකා කියන්නෙ? කොහොමද මේක ඇති වෙන්නෙ?
මේ කාරණාව හරියටම තේරුම් ගන්නට නම් මුලින්ම අපි බලමු කොන්ද ඇතුළේ මොනවද තියෙන්නේ කියලා.

අපේ ශරීරය ඇතුළේ අපට ජීවත් වෙන්න කියලා වෙනම තැනක් තිබෙනවා. ඒ තැන තමයි මොළය. අපි ජීවත් වන්නේ හිසේ ඇති මොළය තුළ පමණයි. පුද්ගලයකුගේ ශරීරයේ අනෙක් කොටස් වැඩ කළත් ඒ තැනැත්තාගේ මොළය මිය ගිහින් නම් ඒ පුද්ගලයා මිය ගොස් අවසානයි. කවදාවත් එයා සුවය ලබලා නැගටින්නෙ නම් නෑ. දැඩි සත්කාර ඒකකය තුළ ඒ තැනැත්තා ගේ ශරීරයට සවි කර තිබෙන වෙන්ටිලේටර් යන්ත්‍රය ඉවත් කළ සැනින් ඒ පුද්ගලයාගේ ශරීරයේ එම වැඩ කරන කොටස්වලද ක්‍රියාකාරිත්වය නැතිවී යනවා.

ඒ නිසයි කියන්නේ අප ජීවත් වෙන්නේ මොළය තුළ පමණයි කියලා. ශරීරයේ සෑම කොටසක්ම මොළය ජීවත් කරවන්නට උදව් කරනවා.
නමුත් අපේ ශරීරයේ බර උසුලා ගන්නේ, ශරීරයේ ශක්තිමත්ම තැන වූ කණුවක් වැනි කොන්දේ කොඳු ඇට පේළිය හෙවත් කොඳු නාරටිය මගින්. මෙය කොතරම් ශක්තිමත් වුණත් කණුවක් වගේ හරි කෙළින් හිටියොත් අපිට නැවෙන්න බැරි වෙනවා. ඇඟිල්ලේ පුරුක් වගේ නැවෙන්න පුළුවන් විදියට තමයි කොඳු නාරටිය සැකසී තිබෙන්නෙ. එය තව දුරටත් පැහැදිලි කළොත්, අස්ථි වෙන වෙනම එක උඩ එක තබා එක පේළියට නිර්මාණය කර තිබෙනවා. මේ නිසා බර ඔසවන්නත් ඇඟිල්ලේ පුරුක් වගේ නැවෙන්නත් මනුෂ්‍යයන්ට හැකියාව ස්වභාවයෙන්ම ලැබී තිබෙනවා.

කකුලේ යමක් ඇනුණොත් ඒ ඇනුණු බව මොළයට පණිවිඩයක් විදියට ක්ෂණයකින් ලැබෙනවා. ඒ පණිවිඩය මොළයට ලැබෙන්නේ ස්නායු මගින්. ස්නායු හරියටම වයර් වැනි කෙඳි විශේෂයක් ලෙස තමයි දිස් වන්නෙ. ඒ වගේම කකුල අපට නවන්න ඕනෙ නම් ඒ පණිවිඩය හිසේ සිට කකුල දක්වා පහළට ලැබෙන්න ඕන. ඒ පණිවිඩය එන්නෙත් ඔය කියපු ස්නායු දිගේම තමයි. හිස තුළ ඇති මොළයේ සිට ශරීරය පුරාම ස්නායු විහිදෙනවා. මොළයේ සිට පිට දිගේ පහළට යන ස්නායු එක තැනකට එකතු කරලා එක මිටියක් විදිහට කොඳු නාරටිය ඇතුළෙන් පිට දිගේ පහළට බස්සනවා. මේ ස්නායු මිටිය ශක්තිමත් කොඳු නාරටිය තුළ කැඩෙන්නෙ බිඳෙන්නෙ නැති වෙන්න ඇතුළේ සඟවල තියෙන්නෙ ඉතාමත් සුරක්ෂිතවයි.

කකුලේ යමක් ඇනුණොත් ඒ ඇනුණු බව මොළයට පණිවිඩයක් විදියට ක්ෂණයකින් ලැබෙනවා. ඒ පණිවිඩය මොළයට ලැබෙන්නේ ස්නායු මගින්. ස්නායු හරියටම වයර් වැනි කෙඳි විශේෂයක් ලෙස තමයි දිස් වන්නෙ. ඒ වගේම කකුල අපට නවන්න ඕනෙ නම් ඒ පණිවිඩය හිසේ සිට කකුල දක්වා පහළට ලැබෙන්න ඕන. ඒ පණිවිඩය එන්නෙත් ඔය කියපු ස්නායු දිගේම තමයි. හිස තුළ ඇති මොළයේ සිට ශරීරය පුරාම ස්නායු විහිදෙනවා. මොළයේ සිට පිට දිගේ පහළට යන ස්නායු එක තැනකට එකතු කරලා එක මිටියක් විදිහට කොඳු නාරටිය ඇතුළෙන් පිට දිගේ පහළට බස්සනවා. මේ ස්නායු මිටිය ශක්තිමත් කොඳු නාරටිය තුළ කැඩෙන්නෙ බිඳෙන්නෙ නැති වෙන්න ඇතුළේ සඟවල තියෙන්නෙ ඉතාමත් සුරක්ෂිතවයි. මේ ස්නායු කැඩුණොත් හදන්න අමාරුයි .එනිසා ශරීරය ලොකු උත්සාහයක් ගන්නවා මේ ස්නායු සුරක්ෂිතව තබා ගන්න. කොඳුනාරටිය ඇතුළේ සඟවලා මෙහෙම තියලා තියෙන්නේ ඒ නිසයි . මුතු ඇට මාලයක සෑම මුතු ඇටයක් තුළින්ම නූල යන විදියට මේ සෑම කොඳු ඇටයක් තුළින්ම මේ ස්නායු මිටිය ගමන් කරනවා. කොඳු ඇට පේළිය දිගේ ස්නායු මිටිය පහළට යන විට කොඳු ඇටයෙන් ඇටය පසු කරන සෑම විටම ඒ පහු කළ සෑම එක කොඳු ඇටයකින්ම එක ස්නායුව බැගින් එළියට විහිදනවා.

බෙල්ලේ පිහිටා ඇති කොඳු ඇටවලින් ස්නායු අටක් එළියට පැමිණ අත දිගේ ගමන් කරනවා. කොඳු ඇට පේළියෙ පහළ තුනටිය ප්‍රදේශයෙන් මේ විදිහට එළියට පනින තවත් ස්නායු ගණනාවක් කකුල්වලට යවනවා. කොඳුඇට පේළිය දෙපැත්තෙන්ම මේ විදියට එළියට විහිදෙන ස්නායු අත් දෙකටත් කකුල් දෙකටත් යනවා.
කොන්දෙ කොඳු ඇට පේළියෙන් මේ විදියට ස්නායු එළියට එන තැන්වල ජනෙල් වගේ සිදුර බැගින් තියෙනවා. කොඳු ඇට පේළියෙ එක්ස් රේ ඡායාරූපයක් ගත්තොත් මේ සිදුරු පැහැදිලිවම පෙනෙනවා. යම්හෙයකින් මේ සිදුරු කුඩා වෙලා පෙනෙනවා නම් ඒ කියන්නේ සිදුරු ඇතුලෙ තියෙන ස්නායුව හිරවෙලා කියන එකයි. එතකොට අපි දන්නවා අත දිගේ කැක්කුම යන හේතුව. ඒ කියන්නේ අතට යන ස්නායු බෙල්ල ළඟදී තද වෙලා කියන එකයි.
සෑම කොඳු ඇටයක්ම තියෙන්නේ ඊට පහළ කොඳු ඇටය මතයි. නමුත් ඒවා එකිනෙක ගෑවෙන්නේ නෑ. ඊට හේතුව සෑම කොඳු ඇට දෙකක් අතරටම කොට්ටයක් වැනි කොටසක් සැකසී තිබෙන නිසයි. කොඳු ඇට එකිනෙක ගෑවෙන්නෙ නැති නිසා තමයි අපිට උඩ පනින්න හැකියාව තියෙන්නෙ. උඩ පනින විට ක්ෂණයකින් ඇතිවන කම්පනය කොට්ටය වැනි කොටසින් උරා ගන්නවා.

කොට්ටයක් කිව්වට මේක රෙදි කොට්ටයක් වගේ දෙයක් නොවෙයි. මේ කොටස පිරී ඇත්තේ ජල්ලි වැනි දියරයකින්. ජල්ලිවලින් සෑදුණු කොටස කෙඳිවලින් සෑදුණු වළල්ලකින් වටකරලා තියෙනවා. එක්වරම බරක් එන විට මෙම බර දැනෙන්නේ මේ දියරය හරහා වටේ තියෙන වළල්ලටයි. තමන්ට ඔරොත්තු නොදෙන බරක් එක්වරම කොන්දට දැනුණොත් මේ වළල්ල පුපුරලා යන්න පුළුවන්. වළල්ල ළඟම තියෙන්නේ කකුල දෙසට ගමන් කරන ස්නායුව. වළල්ල පිපිරුණු ගමන් මෙම ජල්ලි කොටස එළියට පැන ස්නායුව තද කරනවා. එවිට තදබල වේදනාවක් කොන්දෙන් මතුවී පහළට යනවා. ඒ සයටිකා ඇතිවන එක හේතුවක්.
ඒ වගේම බර එසවීම වැනි දෙයකදි කොඳුඇටයක් ඉදිරියට පනින්න පුළුවන්. මෙහෙම ඉදිරියට පැන්නොත් ආයෙ කවදාවත් ඒ කොඳු ඇටය ඉබේ පසුපසට යන්නෙ නෑ. එහිදීත් අර විදිහටම සයටිකා හටගෙන කොන්දේ සිට පහළට තදබල කැක්කුමක් හට ගන්නවා.
බොහෝ තරබාරු අය ඇවිදින විට එකවරම ගැස්සීමක් වැනි දෙයකින් කකුල අනික් පැත්තට පෙරළුණොත් එවිටත් මේ බිඳීම සිදු විය හැකියි. එය සයටිකා හට ගන්නා තවත් හේතුවක්.
දැන් ඔබට පැහැදිලි ඇති කකුල දිගේ වේදනාව යන හේතුව.මේ සිද්ධ වෙන ක්‍රියාදාමය හොඳින් පැහැදිලිව බලාගන්න නම් MRI scan එකක් කරන්න ඕනෙ. සැත්කමක් මගින් මෙම ස්නායුවට පැමිණ තිබෙන කරදරය ඉවත් කළ හැකියි.
වෙනදා පහසුවෙන් ඔසවපු බරක් ශරීරය වයස්ගත වන විට ඔසවන්න බැරි වෙන්නට පුළුවන්. එයට හේතුව ශරීරයේ අවයව කෙමෙන් කෙමෙන් දුර්වල වීමයි. ඔසවන්න බැරි බව ඔබ දැන ගන්නේ මෙවැනි කරදරයක් වුණාට පසුවයි. නමුත් වයස්ගත වන විට ශරීරය දුර්වල වී ඇති බව ඔබ වටහා ගෙන ප්‍රවේශම් විය යුතුයි. එවිට මෙවැනි කරදර ඇති වීම වළක්වා ගන්නට හැකි වෙනවා.





සැකසුම – ඉන්දු පෙරේරා