අද (10) දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (10) දිනයේ පළාත් හතකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කාලගුණ වාර්තාවලට අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ සහ දකුණ, ඌව සහ උතුරු පළාත පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි බලාපොරොත්තු විය හැක:
මීට අමතරව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ද මෙලෙස මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.මේ අතරදිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට (11) දිනය වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.