මෙම වසරේ පළමු මාස 10 තුළදී විදෙස් සංචාරකයන් දහ අට ලක්ෂ හැට දෙදහස් තුන්සිය හතර දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
ශිත සෘතුව ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතියි.මෙම වසරේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ. මෙම වසරේ පළමු මාස 10 තුළ විදෙස් සංචාරකයන් දහ අට ලක්ෂ හැට දෙදහස් තුන්සිය හතර දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා සදහන් කරයි.
ඔක්තෝබර් මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව එක්ලක්ෂ හැට අටදහස් හයසිය විසි පහක් වෙයී.මේ අතුරින් වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව හැට දෙදහස් දෙසිය එකොලහක් වෙයි.
එක්සත් රාජධානියෙන් දොලොස් දහස් හාරසිය දෙදෙනෙකු, චීනයෙන් එකොලොස් දහස් එකසිය අනූ දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙයි.
පොදුවේ සැලකීමේදී මේ වසරේ මුල් මාස 10 තුළ වැඩිම විදෙස් සංචාරකයන් පිරිසක් පැමීණ ඇත්තේ ඉන්දියාවෙන්.
එම සංඛ්‍යාව හාර ලක්ෂ අනූ නව දහදස් හයසිය විසි පස් දෙනෙකු වනවා. එක්සත් රාජධානියෙන් එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය විසි නව දෙනෙකු පැමිණ ඇත.
නොවැම්බර් මාසයේ ගත වූ දින 05 සැලකිල්ලට ගැනීමේදීද සැලකිය යුතු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. එම දින 05 දී සංචාරකයන් විසි අට දහස් හැට තුන් දෙනෙකු මෙරටට පැමිණ ඇත.