ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (10) යෙදී තිබේ.

සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.උපන් දා සිට මව ජීවිතය කරගත් සමාජයක ඒ සෙනෙහසේ මහිමය තව තවත් සිහි කැඳවා ගැනීමට මෙම දිනය වැදගත් වනු ඇත.

අම්මා… ජීවිතයේ විඳින විඳවන හැම මොහොතකම මතකයට නැගෙන එකම නම අම්මායි.

දරුවන් වෙනුවෙන් සියල්ල විඳ දරා ගනිමින්දරුවන් වෙනුවෙන්ම කැපවුන ඇය සැබෑ ආදරයේ සංකේතයයි.
ලොව කිසිදු බැඳීමකට සම කළ නොහැකි දාරක ස්නේහය සිත තුල දරාගෙන සිය දිවියම දරුවන් වෙනුවෙන් පුදන එකම ජීවය ඇයයි.
ලොව සැනසීම, ආදරය ,රැකවරණය දැනෙන එකම සෙවන ඇයයි. එවන්වූ අම්මාවරුන්ගේ දෑතට රැකවරණය සවිය සැමදා ලැබේවා.

කාලීන පුවත්