වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8කට බලපෑම්

දිවයිනට බලපා තිබෙන එල්නිනෝ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක් බලපෑමට ලක් වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 8හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 36ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක් වී තිබෙන බවයි.

එමෙන්ම පවුල් 47,368ක පුද්ගලයන් 154,167ක් එල්නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක් වී තිබෙන බව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

මෙම බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වෙයි.

ඒ අනුව පවුල් 40,945ක පුද්ගලයන් 132,748දෙනෙක් සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

කාලීන පුවත්