ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමයට සමගාමීව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සියලුම වාණිජ නෞකා ගමනාගමනය සඳහා පූර්ණ අවසර ලබාදීමට ඉරානය තීරණය කර තිබේ.
ඒ අනුව ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සහනය සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ හිමිවන බවයි.
එමෙන්ම ඉරාන වරාය සහ සමුද්‍රීය සංවිධානය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති සම්බන්ධීකරණ මුහුදු මාර්ග ඔස්සේ නෞකා ගමනාගමනය සිදු කළ හැකි බවද එරට රජය වැඩිදුරටත් අවධාරණය කරයි.