ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළ කොට ඇති කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000 පළමු මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.මෙම පොහොර අක්කරයකට වඩා අඩු කුඹුරු ප්‍රමාණයක් තිබෙන ගොවීන් 375,000කට එක් ගොවියෙකුට කිලෝග්‍රෑම් 50ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.