හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතා හට ‘මා මිත්‍ර’ යනුවෙන් ආමන්ත්‍රණය කළද බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඇති චෝදනාවලට අධිකරණය හමුවේ පිළිතුරු බැඳීමට සිදු වනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය. මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා කියා සිටියේ ඔහුට පමණක් නොව පසුගිය කාලයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් බොහෝ දෙනකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු වැටීමට නියමිතව ඇති බවකි.