මෙම පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ජීවිතාරක්ෂාව තකා අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය ඇතුළු අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රධාන වැව් ආශ්රිතව අනුරාධපුර පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය මඟින් තුන්සිය පනහකින් පමණ යුතු ජීවිත ආරක්ෂක කණ්ඩායමක් යොදවා තිබේ.අනුරාධපුර පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් නාවික හා සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළුව පාසැල් ජීවිතාරක්ෂක සංගම්වල පුහුණුව ලැබූ දරුවන් මේ සදහා යොදවා ඇත.එමෙන්ම අනුරාධපුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය මගින් නම් කර ඇති ස්ථානවලින් පමණක් දිය නෑම සිදුකරන ලෙසත් ඒ සඳහා ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් අනුරාධපුර පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.