කිසිවකුගේ පිළිසරණක් නොමැති අසරණ සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉදිරියේදී දැවැන්ත ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට අවශ්ය මූලික සැලසුම් සකස් කරමින් සිටින බව මෙරට ප්රමුඛ පෙළේ ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.තම මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු මේ බව ප්රකාශ කර ඇති අතර, කවර ආකාරයේ විවේචන හා අවලාද එල්ල වුවද අසරණ සතුන්ගේ උන්නතිය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අත්නොහරින බව ද එහි සඳහන් කර තිබේ.
එම සටහනේ මෙසේ දැක්වේ.
“මෙතෙක් ආ ජීවිත ගමනේ වැටුණ තැන්වල නැවතුණා නම්, රිදුණ තැන්වල වැළපුණා නම්, ලද පරාජයන් හමුවේ පසුබැස්සා නම් මා වැනි මිනිසෙකු මේ මහපොළවට දායාද නොවන්නට තිබුණි.එහෙයින් කියන්නා කෙසේ කීවත්, අවලාද අපහාස මෙන්ම උපහාස සියල්ලක්ම විඳදරාගෙන අසරණ සතුන්ගේ උන්නතිය වෙනුවෙන් මාගේ ඉදිරි වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වෙමි. අසරණ සතුන් වෙනුවෙන් මාගේ මූලිකත්වයෙන් ඉදිරියේදී දැවැන්ත ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටිමි..!”
මෙරට නගරබද මෙන්ම ග්රාමීය ප්රදේශවල ද අයාලේ යන සුනඛයන් සහ බළලුන් ඇතුළු සතුන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන පසුබිමක, ඔවුන්ගේ ආරක්ෂාව, ප්රතිකාර හා සුබසාධනය වෙනුවෙන් ක්රියාත්මක වන වැඩපිළිවෙළක අවශ්යතාව දිගු කලක සිට සාකච්ඡාවට ලක්ව තිබේ. අසරණ සතුන්ට ආහාර සැපයීම, රෝගී සතුන්ට ප්රතිකාර ලබාදීම සහ ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් සකස් කිරීම ඒ අතර ප්රමුඛ අවශ්යතා ලෙස සැලකිය හැකිය.ඩඩ්ලි සිරිසේන මහතාගේ යෝජිත ව්යාපෘතියේ නිශ්චිත අරමුණු, ක්රියාත්මක කරන ආකාරය, මූල්ය දායකත්වය සහ කාලසීමාව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් එම සටහනෙන් අනාවරණය කර නොමැත.කෙසේ වෙතත්, මෙම වැඩපිළිවෙළ සැලසුම් කළ පරිදි ක්රියාත්මක වුවහොත්, පිළිසරණක් නොමැති සතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටත්, සත්ව සුබසාධනය වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයන් හා සංවිධානවල කටයුතු ශක්තිමත් කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.