කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු ගිනි අවි හතරක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන අඩවි ආරක්ෂක නිලධාරී නීතිඥ චතුර ගුණරත්න මහතා සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එක්ව ඊයේ (18) ගල්ගමුවේ ඇහැටුවැව ප්රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු වලාන දූෂණ මර්දන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ද මෙම මෙහෙයුමට සහාය වී තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙර ඇතින්නක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්වූ අයකු බව සඳහන් වේ. මේ අතර, කාවන්තිස්ස ඇතාට වෙඩි වැදී ඇති බව මුල් අවස්ථාවේදී තහවුරු කර ගැනීමට නිකවැරටිය වනජීවී පශු වෛද්ය කණ්ඩායම අසමත් වූ බවට ද චෝදනා එල්ල වී තිබේ. ඇතාට ප්රතිකාර කිරීමේදී සිදුවූ බව කියන දුර්වලතා සහ අතපසුවීම් සම්බන්ධයෙන් ද අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය නිසි ලෙස ක්රියාත්මක කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.