තරුණ තරුණියන් ඇතුළු පරිශීලිකයන් විශාල පිරිසකට බරපතල බලපෑම් එල්ල වන බවට චෝදනා කරමින් අමෙරිකාවේ ප්රාන්ත 8ක් OpenAI සමාගමට එරෙහිව ප්රාන්ත අධිකරණවල නඩු පවරා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. අයෝවා, කැන්සාස්, ඇරිසෝනා, මොන්ටානා ඇතුළු එම ප්රාන්තවල නීතිපතිවරුන් එම නඩු ගොනු කර තිබේ. ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ එම සමාගම විසින් සංවර්ධනය කර හඳුන්වා දී ඇති ChatGPT කෘත්රිම බුද්ධි මෙවලම මඟින් අනතුරුදායක හැසිරීම් සඳහා දිරිමත් කිරීම්, සියදිවි හානි කරගැනීම සඳහා උපදෙස් ලබාදීම් සහ මනුෂ්ය ඝාතන වැනි ප්රචණ්ඩකාරී ක්රියා සැලසුම් කිරීම්වලට සහය වීමෙන් පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය වී ඇති බවය. එම සමාගම ආරක්ෂාව සම්බන්ධව මවුපියන් නොමඟ යවමින් මහජන පීඩාවක් සිදු කර ඇතැයි ද ප්රාන්ත නීතිපතිවරුන් සඳහන් කර තිබේ.
එබැවින් තරුණ පරිශීලකයන් වෙනුවෙන් එම කෘත්රිම බුද්ධි මෙවලමේ ආකෘතිය හා ක්රියාකාරීත්වය වෙනස් කරන ලෙසත්, මානව ප්රජාවට අනුකූල නොවන කෘත්රිම බුද්ධි මෙවලම් සංවර්ධනය කිරීම තහනම් කරන ලෙසත් අදාළ ප්රාන්තවල නීතිපතිවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම තරුණ පරපුරට සිදුවු හානි වෙනුවෙන් මූල්යමය වශයෙන් වන්දි ලබා දෙන ලෙසත් වැඩිදුරටත් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.