උදයංග ගේ විදෙස් ගමන් ඉල්ලීම අධිකරණය ඉවත හෙලයි

තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(12) ප්‍රතික්ෂේප කොට ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 07 ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනාවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇප මත මුදාහැරුණු අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය විසින් නියෝග කරන ලදී. මෝසමක් මාර්ගයෙන් අද අධිකරණය හමුවේ කරුණු දැක්වූ උදයංග වීරතුංග මතාගේ ගේ නීතිඥවරයා දන්වා සිටියේ වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා තම සේවාදායකයාට විදේශගත වීමට අවශ්‍ය බවකි. එහෙත් එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කොට තිබේ.යුක්‍රේන ත්‍රස්ත කණ්ඩායමක් සඳහා යුද අවි සැපයූ බවට එල්ල වූ චෝදනාවකට ද වගඋත්තර කරුවකු ව සිටි වීරතුංග මහතා මහින්ද රාජපක්ෂ ඇතුළු සොයුරන්ගේ ඤාති සොයුරෙක් ද වෙයි.

කාලීන පුවත්